spot_img

Blackmail (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කට්ටියගේ තවත් ඉල්ලිමක් ඉටු කරන්න යන්නේ. ඒ වගේම මේ වෙලාවේ මගේ 300 වැනි උපසිරැසියට සුභ පතපු හැමෝටම ස්තුති කරන්න ඕනි. කලින් සබ් එකේ මට ඒක කියන්න බැරි උනා නොවැ. මේ වගේ හොද ෆිල්ම් එකකින් 300 කඩ ඉම පසු කරන්න හැදුවාත් කෝ ඉතින් අපේ ප්‍රමොද් ඉඩ දුන්නේ නැහැ නොවැ… හරි… දැන් ෆිල්ම් එක පැත්තට එමු. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhinay Deo විසින්. ඔහු තමයි Delhi Belly හා හින්දි 24 රුපවාහිනි කතාමාලාව නිර්මාණය කරන්නෙත්… ඒ වගේම මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් හඳුනන Irrfan Khan රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම Kirti Kulhari,Divya Dutta හා Arunoday Singh විසින් අනික් චරිත වලට දායක වෙනවා….

චිත්‍ර‍පටියේ කතාව ගැන මෙහෙම කියන්නම්…. ඔන්න සැමියෙක් තමන්ගේ බිරිදව පුදුම කරන්න කියලා හිතාගෙන දවසක් කලින් ඔෆිස් එකෙන් ඔෆ් වෙලා රෝස මල් පොකුරකුත් අරන් එනවා… ඇවිල්ලා බිරිදව පුදුම කරනවා වෙනුවට මොනාද ඔහු දකින්නේ… තමන්ගේ බිරිද තමන්ගේ නිදනකාමරේ තවත් පිරිමියෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා. මේ වගේ වෙලාවට සැමියා මොනා කරාවිද? එක්කෝ බිරිදගේ අනියම් පෙම්වතාව මරනවා… නැත්නම් බිරිදව තරහාට මරනවා…නැත්නම් දෙන්නාම මරලා දානවා… හැබැයි මේ කතාවේ ඉන්න සැමියා නම් වෙනස්… ඔහු මේ සිදුවිම දැක්කාට පස්සේ ගෙදරින් එලියට යනවා ඔවුන් දෙන්නාට එයාලගේ වැඩේ කරගන්න ඉඩ දිලා… ගිහින් ඔහු කරන්නේ බිරිදගේ අනියම් පෙම්වතාව බැලැක්මේල් කරන එක…. දැන් හිතන්න පුලුවන් මොන වගේ පිරිමියෙක්ද මේ කියලා… අන්න ඒකයි මොන වගේ කෙනෙක්ද මේ මොන වගේ කතාවක්ද මේ කියලා බලන්න නම් චිත්‍ර‍පටිය අරන් බලන්න වෙනවා… මේ චිත්‍ර‍පටියේ අවසානයත් ඔයා හිතන අවසානයම වේවිද කියලා අරගෙනම බලන්නකෝ. එහෙනම් මං ගියා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram