spot_img

Iravukku Aayiram Kangal (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ඔයාලා හමුවෙන්න ආවේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mu. Maran විසිනුයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පලමු චිත්‍රපටය මෙය වනවා.විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ඔහුගේ මංහල චිත්‍රපටයද කියා විශ්වාස කිරීමට පවා නොහැකි වීමයි, නලු නිලියන් වැඩිය හුරු පුරුදු අය නොවූවත් ඔවුන් පිරිසව විශිෂ්ඨ ලෙස හැසිරවීමට ඔහු සමත් වී තිබෙනවා.විනාඩි 121ක ධාවන කාලයකින් සමන්විත මෙය IMDB චිත්‍රපට දර්ශකයේ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.5/10කි.

කුතුහලයට හානියක් නොවෙන්න කතාව ගැන කිව්වොත් භරත් කියන්නේ කෝල් ටැක්සි රියදුරෙක්.ඔහුගේ පෙම්වතිය වන සුසීලා පුද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරන්නියක්.සුසීලා ගේ ජීවිතයට අනතුරක් වෙන්න යන අවස්ථාවකදී ගනේෂ් නම් පුද්ගලයෙක් විසින් ඇයව බේරගන්නවා.වැඩි කල් නොයාම ගනේෂ් මායා හට තමන් හා හාද වන ලෙස පවසමින් ඇයට කරදර කරන්න පටන් ගන්නවා.එක් රාත්‍රියකදී සුසීලා තම පෙම්වතා වන භරත් සමඟින් මුහුදු වෙරලේ සිටින අවස්තාවක සියදිවි හානි කරගැනීමට උත්සහ දරන රූප්ලා නම් කාන්තාවක්ව භරත් විසින් බේරගන්නවා.සියදිවි හානි කරගැනීමට හේතු වූ තතු විමසා බැලූවිට භරත් හට දැනගන්න ලැබෙන්නේ යම් කෙනෙක් විසින් ඇයගේ නිරුවත් ඡායාරූප වගයක් ලබාගෙන ඇයව බ්ලැක්මේල් කරනා බවයි.ඒ බ්ලැක්මේල් කරන කෙනා වෙන කවුරුන් හෝ නොව සුසීලා හට කරදර කරන ගනේෂ් ම බවත් එහිදී සනාථ වෙනවා.ගැහැනු අයට කරන කෙනෙහෙලිකම් වලට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා භරත් විසින් ගනේෂ් සිටිනා නිවෙස බලා රූපලාගෙන් විස්තර දැනගෙන පිටවෙනවා.ඔහු එහෙ යනවිටත් කවුදෝ ගැහැනු ළමයෙක්ව එහි මරා දමා ඇති බව ඔහුට දකින්න ලැබෙනවා.(ලිපිය නම් ටිකක් විතර අප්සැට් වුනා වගේ,ලිපිය ගැන වැඩිය හිතන්න එපා.)ඊට පස්සේ මොනා වෙන්න ඇතිද කියලා බලලම දැනගන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram