spot_img

Do Lafzon Ki Kahani (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙම කාලයක් ඉදන් කට්ටිය ඉල්ලපු නිර්මාණයක් තමයි අරන් එන්නේ. මේක මං කරන්න බාර නොගත්ත එකක් උනත් මේකේ ඉංග්‍රිසි උපසිරැසියක් අද වෙනතුරු නොපැමිණි නිසා හා දිනෙන් දින මේක නැත්ද කියලා අහන ඉල්ලිම් වැඩි නිසාම මේක ඉවරයක් කරලා දෙන්න හිතුවා. ඉතින් සම්පුර්ණ චිත්‍ර‍පටියම අසාලිවිමක් කලා ටයිම් ලයිනුත් එහේ මෙහේ කර කර හද හද. ටයිම් ලයින් ටික නම් ගත්තේ නෙට් එකේ තිබ්බ ඉන්දුනිසියන් සබ් එකකින්. හැබැයි එකෙත් ටයිම් ලයින් ටිකක් අවුල් නිසා එවාත් හදාගෙන දෙන්න ගිය නිසා පමා උනා. මොකද අහගෙන දාද්දි සබ් එකක් දෙන්නම් වාලේ දෙන්න අමාරු නිසා. වැරදුනොත් අප්සැට් නොවැ. අනික මේක කරන්න අරගෙනත් ටික කාලයක් ගත උනා තැනින් තැන වෙන චිත්‍ර‍පටි කරන්න ගත්ත නිසා මේක පස්සට ගියා. එහෙම බාගෙට දාන්න අරගත්ත චිත්‍ර‍පටි කිහිපයක් හිරවෙලා තියෙනවා. මේ අප්‍රේල් නිවාඩු සමයේ එවා ටික දෙන්න මං උත්සහා කරන්නම් කොහොම හරි

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් සූරජ් කියන්නේ හිටපු බොක්සිං ක්‍රිඩකයෙක්. නමුත් චිත්‍ර‍පටියේ අපට පෙන්වන කාලයේ ඔහු නිහඩ වගේම පැය 24ම මොකක් හරි කුලිවැඩක් කරගෙන ජිවත් වෙන කෙනෙක්. ඔහුට රාත්‍රි කාලයේ කරන්න සිකුරිටි රස්සාවක් ලැබෙනවා. මේ මොහොතේදි තමයි ඔහුට අහම්බෙන් මෙන් ජෙනීව හම්බවෙන්නේ. ජෙනී කියන්නේ දැස නොපෙනුනත් හරිම ලස්සන ගැණු ළමයෙක්. (මොවුන් දෙන්නා හමුවෙන සිදුවිම චිත්‍ර‍පටිය බලලාම දැනගන්නකෝ) කොහොම හරි මේ දෙන්නාගේ නිතර හමුවෙන හමුවිමත් එක්ක සූරජ්ට ජෙනී ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඔහු ඒක පෙන්වන්නේ නැහැ. නමුත් කාලයාගේ ඇවැමෙන් දෙන්නා පෙම්වතුන් වෙනවා. මේ අතර කාලයේ තමයි ජෙනීගෙන් සූරජ් අහන්නේ ඇයගේ පෙනිම නැති උනේ කොහොමද කියලා? නමුත් ඇය කියන කතාවෙන් පස්සේ තමයි….. ඒ ටික බලලාම දැනගන්නකෝ. මෙහි සූරජ් ගේ චරිතයට Randeep Hooda රංඟනයෙන් දායක වන අතර ජෙනී ගේ චරිතයට Kajal Aggarwal රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Deepak Tijori ගෙනි. ඔහුත් ඒ කාලයක් හින්දි චිත්‍ර‍පටි වලට රංඟනයෙන් දායක වුන කෙනෙක්.

මේ චිත්‍ර‍පටියේ සිඩ්ස් මදි වගේ පෙනුනාට ඩවුන්ලොඩ් කරගන්න නම් බාධාවක් වෙන එකක් නැහැ. මං ඩවුන්ලොඩ් හබ් සයිට් එකෙත් ලින්ක් එක දිලා ඇති. ටොරන්ට් ඇන්ඩ් ඩිරෙක්ට් ගන්න ලින්ක් එකේ මේ චිත්‍ර‍පටියේ වැඩ කරන ඩිරෙක්ට් ලින්ක් එකක් ඇති. එකෙන් කැමැති නම් ඩිරෙක්ට්ම බාගන්න පුලුවන්. එහෙනම් මං යනෝ තවත් හොද ෆිලුමක් එක්කම එන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram