spot_img

Fukrey (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට කලින් ආපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මට මතක විදියට මේක තාම රුපවාහිනි නාලිකාවකවත් ගිහින් නැහැ. ගොඩක් අය අනිවා බලලා නැතුවත් ඇති. මේ චිත්‍ර‍පටිය මේ විදියට කරලියට එන්න හේතුව මේ චිත්‍ර‍පටියේ දෙවැනි කොටස එනම් Fukrey Returns ගිය වසරේ නිකුත් උනා. එකෙත් දැන් කොපියක් එන්න කාලය ලඟ ලඟම නිසායි මේ චිත්‍ර‍පටිය මුලින්ම දෙන්න හිතුවේ. මොකද චිත්‍ර‍පටි දෙකම එකකට එකක් ගැලපෙන නිසා..

කලින් කිව්වා වගේම මේක නිකුත් උනේ 2013 වසරේ. Pulkit Samrat,Ali Fazal,Manjot Singh,Varun Sharma,Priya Anand,Richa Chadda, Vishakha Singh වගේ එකල නවකයින් පිරිසක් තමයි මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වුනේ. දැන් නම් මේ අයව නිතර දෙවේලේ චිත්‍ර‍පටිවලින් අපිට දකින්න ලැබෙනවා නේ. කොහොම හරි චිත්‍ර‍පටිය hit එකක් වෙමින් තිරගත වුනා. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් හනී හා චූචේ කියන්නේ මිතුරන් දෙන්නෙක් මේ දෙන්නාගේ එකම අරමුණ තමයි කැම්පස් එකකට යන එක. ඒකට ඉතින් විභාගේ හොදට පාස් වෙන්න එපැයිනේ. කොහොම හරි මේ අයට ඉස්කොලේ විභාග ප්‍ර‍ශ්න පත්තරේ කලින් පන්නලා දෙන්නම් කියලා පණ්ඩිත් ජී කියන පුද්ගලයා කියනවා. හැබැයි එක ප්‍ර‍ශ්න පත්තරයකට රු50000ක් ඕනි කියලාත් කියනවා. දෙන්නාට ඕනි මොනාම හරි කරලා සල්ලි ටික හොයාගෙන පේපරේ කලින් බලාගෙන පාඩම් කරලා කැම්පස් එකකට යන්න. මේ චූචා කියන කෙනාට පොඩි බලයක් තියනවා ඒක තමයි රෑට එයා දකින හීනය හරියට තේරුම් බේරුම් කරගෙන එන අංකයට ලොතරැයියක් ගත්තොත් ඒකට දිනුමක් අනිවා හිමිවෙනවා. කොහොම හරි අර පෙපර් ටික ගන්න ඕනි සල්ලි එකතු කරන්න මේ අය පාවිච්චි කරන්න යන්නේ මේ ක්‍ර‍මය තමයි ඒ අතරට තමයි සෆර් හා ලාලී කියන දෙන්නත් මුදල් අවශ්‍යතාවයක් නිසාම මේ අයට එකතු වෙන්නේ. මේ හැමෝටම උවමනා කරන සල්ලි ටික හොයන්න මේ අයට ලොකු ගානක් ඔට්ටු දාන්න උවමනා වෙනවා. ඒකට ලක්ෂ දෙකක විතර මුදලක් මේ අයට හොයාගන්න ඕනි නිසා ඒ පලාතේ ඉන්න බෝලී පන්ජාබ් කියන මැර කෙල්ල ගාවට මේ අය යනවා. හැබැයි හිතුවේ වත් නැති විදියට චූචේගේ හීන සෙල්ලම අප්සට් ගහනවා. එතැනින් එහාට වෙන දේ දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා. අනික චිත්‍ර‍පටිය අවසානය නම් අර අපි කියනවා වගේ හැපි එන්ඩින් එකක්. සතුටින් බලලා විසිර යන්න පුලුවන්. එහෙනම් අරන් බලන්න මේක. මේකේ දෙවැනි කොටසත් ආව ගමන්ම සබ් එකත් අරන් එන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram