spot_img
spot_img

Session 9 (2001) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Session 9 කියන්නේ ටිකක් පරණ චිත්‍රපටියක්. හැබැයි තේමාව හොඳ නිසා තමයි උපසිරැසි කරන්න හිතුවේ. පරණ චිත්‍රපටි බලන්න කැමති අයට නම් මේක හොඳ අවස්ථාවක් වෙයි. නිකුත් කරලා තියෙන්නේ 2001 දී. මේක ලොකුවට ලාභ ලබන්න බැරිවෙලා තියෙනවා, මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කරපු නිසා. ඒ කියන්නේ මේක ආගමික ඇදහිල්ලක් ප්‍රචාරණය කරනවා කියලා ලේබල් ගහලාලු.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brad Anderson. කතාව ගොඩනගලා තියෙන්නෙත් එයාමයි. රඟපෑමෙන් දායක වෙනවා Peter Mullan, David Caruso, Stephen Gevedon සහ Brendan Sexton III ඇතුළු පිරිසක්. මම දැකපු තව විශේෂත්වයක් තමයි කිසිම කාන්තා චරිතයක් මේකේ නැතිවීම. කාන්තාවන් තුන් දෙනෙක් ගැන කියවුනත්, එයාලා මේකේ රඟපාන චරිත නෙමෙයි. වෙනස් නේද?

ඇත්ත කතාවක්නේ. ඉතිං මේ කතාව දිවෙන්නේ අතහැරලා දාපු මානසික රෝහලක්, පරිපාලන ගොඩනැගිල්ලක් කිරීමේ අරමුනෙන් ප්‍රතිසංස්කරණය කරන්න කණ්ඩායමකට භාර දෙනවා. මේ කණ්ඩායමේ ඉන්‌නේ විවිධ පුද්ගලයන්. එයාලාගේ සිතුම් පැතුම් වෙනස්. මේ රෝහලත් ගොඩාක් අනුවේදනීය කතා දරාගෙන හිටපු තැනක්. ඒ බව සනාථ වෙන රෙකෝඩින් කිහිපයක් මෙයාලාට හමුවෙනවා. මේ කණ්ඩායමට සිදුවෙන්නේ හිතාගන්න බැරි සිදුවීමක්. ඒ ගැන බලන්න වෙන්නේ චිත්‍රපටිය බලලාම තමයි.

කතාව විතරක් නෙමෙයි, මේකට යොදාගත්ත ගොඩනැගිල්ල පවා ඇත්ත ගොඩනැගිල්ලලු. ඩෙන්වර්ස් මානසික රෝහල කියලා පවත්වාගෙන ගිය රෝහලක් තමයි මේ කතාවේ ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ. මේ සිදුවීම වුනාට පස්සේ, මේක අළුත්වැඩියා කිරීම අතහැරලා දාලා තියෙනවා. චිත්‍රපටිය හදලා අවුරුදු පහකට පස්සේ මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩලා දැම්මාලු.

තව දෙයක්.. මට මේ චිත්‍රපටිය ගැන විස්තර කිව්වේ Hashan M. Priyadarshana සහෝදරයා. දැකලා නැති වුනත්, කතා කරලා නැති වුනත් මේවා හොයලා මට දුන්නාට ගොඩාක් ස්තූතියි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Session 9 (2001) සිංහල උපසිරැසි” Session.9.(2001).Sinhala.Subtitle.rar – Downloaded 557 times – 32 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram