spot_img

Onward (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියනවා.. අදත් මම ඔයාලට අරගෙන ආවේ ඇනිමේෂන් චිත්‍රපටියක් හරිම ලස්සන කතාවක් මේ චිත්‍රපටියට 7.5/10 IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම $103.2 million වගේBox office වාර්ථාවකුත් තියලා තියෙන මේ චිත්‍රපිටය Dan Scanlon විසින් අධ්‍යක්ෂණය කරපු එකක්.. Chris Pratt,Octavia Spencer,Julia Louis.. වගේ අය හඬ නළු දායකත්වය දීලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු..

කතාව නම් ‍මෙහෙමයි බාර්ලී,ඉයන් මේ දෙන්නා අයියයි මල්ලියි බාර්ලි ගොඩක් ආස පරණ දේවල් වලට ඒත් ඉයන් එහෙම නෑ. ඉයන් එච්චර සමාජෙට හුරුපුරුදු කෙනෙක් නෙමෙයි.. ඉයන් හැබැයි ඉපදිච්ච දවසෙ ඉදන් එයාගෙ තාත්තව දැකලා නැහැ කවමදාවත්ම.. එයාට එයාගෙ උපන්දිනේ දවසේ අම්මා එයාට තාත්තා එයාලා දෙන්නට අවුරුදු 16 සම්පුර්ණ වුනාම දෙන්න කිව්ව තෑග්ගක් දෙනවා. ඒ තමයි මැජික් යෂ්ටියක් හැබැයි තාත්තා යෂ්ටිය එක්කම මන්තරේකුත් ලියලා තියෙනවා…ඒ තාත්තව ආයේ දකින්න පුළුවන් මන්තරේ ඒ මන්තරෙන් බාර්ලි ජප කරනවා ඒත් ඒක හරියන්නේ නැහැ. ඔහොම ඉද්දී ඉයන් ඒ මන්තරේ නිකමට කියනවා හරියනවා ඒත් මැණික බිදිලා යනවා හැබැයි අර මැවුන තාත්තගෙ කදේ ඉදන් කකුල් දෙක ගාවට විතරයි තියෙන්නේ උඩ කෑල්ල දවසක් ඇතුලත හරිගස්සන්න නම් අර ෆිනික්ස් මැණික හොයාගන්න ඕන. මෙයාලට තියෙන්නෙ ඒකට පැය 24 වගේ පොඩි කාලයක් විතරයි..ඒක මෙයාලා හොයාගෙන තාත්තව මුණගැහෙයිද? මැණික හම්බවෙයිද? ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි මම අදට
සමුගන්නවා යලිත් මෙවන් උපසිරැසකින් හමුවෙනතුරු ඔබට සුභ දවසක්! බුදු සරණයි!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram