spot_img
spot_img

A Loud House Christmas (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ උපසිරැසිය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. ඒ, මේක තමයි මගේ 100 වෙනි චිත්‍රපටි උපසිරැසිය. මේ රූපවාහිනි කතා මාලා අතහැරලා. ඉතිං, මගේ උපසිරැසි පලකරන Zoom කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තූතිය පලකරන අතරම, මගේ උපසිරැසි සමඟින් චිත්‍රපටි රසවිඳින ප්‍රේක්ෂකයන්ට හැමදාම මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.

මම අද උපසිරැසි ගෙනාවේ A Loud House Christmas (2021) චිත්‍රපටියයි. ළමා චිත්‍රපටි ප්‍රේක්ෂකයන්ට නම් ලවුඩ් පවුල කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. සහෝදරියෝ දස දෙනෙක් සමඟ තනි පිරිමි දරුවා විදියට ලින්කන්, බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන ආකාරය, ගොඩාක් චිත්‍රපටි සහ කාටූන් වලින් දැකලා ඇති. මේ ඒ චිත්‍රපටි මාලාවේ තවත් එක නත්තල් චිත්‍රපටියක්. මම මෙයාලාගේ The Loud House Movie එකට කලින් උපසිරැසි දුන්නානේ. ඒ චරිතම තමයි, මේ චිත්‍රපටියෙත් තියෙන්නේ.

මේක අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Judge විසින්. සුපුරුදු පරිදි Liz Maccie සහ Chris Savino දෙදෙනාගේ සිත් වල නිර්මාණය වෙච්ච චරිත පදනම් කරගෙන තමයි, මේ චිත්‍රපටියත් දිවෙන්නේ. මෙවර චිත්‍ර්‍රපටියේ රඟපෑමෙන් දායක වෙනවා Wolfgang Schaeffer (ලින්කන්), Jahzir Bruno (ක්ලයිඩ්), Lexi DiBenedetto (ලෝරි), Dora Dolphin (ලෙනී) ඇතුළු විශාල පිරිසක්.

කතාව කෙටියෙන්ම කියන්නම්. මෙවර නත්තලට ලින්කන්ගේ සහෝදරියන් කිහිප දෙනෙක් විවිධ සැලසුම් ඇති කරගන්නවා. ඒක ලින්කන්ට දරාගන්න අමාරු දෙයක්. ඔහුගේ අදහස වෙන්නේ, නත්තල හැමෝම එකට ඉඳලා සමරන්න ඕනේ කියලා. ඒ නිසා, ඔහුගේ අතිජාත මිත්‍රයා, ක්ලයිඩ් සමඟින් එකතු වෙලා, නත්තල බේරා ගැනී‍මේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මේ කතාව තියෙන්නේ ඒ මෙහෙයුම ගැනයි. මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න!! ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “A Loud House Christmas (2021) සිංහල උපසිරැසි” A.Loud.House.Christmas.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1483 times – 799 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. 100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. …බොහෝම ස්තූතියි උපසිරැසියට. 100වෙනි උපසිරැසියට සුබපැතුම්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram