spot_img
spot_img

Antidote (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Antidote (2021) ඇමරිකාවේ නිෂ්පාදනය කෙ‍රුණු තවත් horror චිත්‍රපටියක්. ඇත්තටම මේක බය හිතෙන එකකට වඩා පර්යේෂණාත්මක ගොඩට දාන්න මම කැමතියි. මේ කතාවේ තියෙනවා, ප්‍රධාන නිළියගේ උඩුකය නිරුවත් තත්පර කිහිපයක දර්ශණයක්. කාමුක දර්ශණයක් නෙමෙයි. ඒත් ඒ ගැන කියන්න හිතුවේ සමහර අය ඒවා ගැන හිතන නිසා. තාම වැඩි දෙනකේ නරඹලා නැති චිත්‍රපටියක් වුනත් ඉදිරියේදී ජනප්‍රිය වෙයි කියලා හිතනවා.

Peter Daskaloff කියන ආධුනික අධ්‍යක්ෂකවරයා තමයි මේක ලියලා අධ්‍යක්ෂණය කරන්නේ. ලොකු වියදමක් දරලා නැති නිෂ්පාදනයක්. ඒ බව හොඳටම තේරෙනවා, චිත්‍රපටියේ අවසාන ‍කොටසේ තියෙන ත්‍රිමාණ සජීවිකරණ රූපරාමු කිහිපයෙන්. කොහොමවුනත් රඟපාන සියළුදෙනා සහ අධ්‍යක්ෂකවරයා, මේ කතාව හොඳට ගොඩ නංවලා තියෙනවා. අපි හිතන විදියට නැතිව, කුතුහලයකින් චිත්‍රපටිය අවසාන කරන්න මෙයාලා සමත්වෙලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Ashlynn Yennie (ශරීන්), Louis Mandylor (හෙලන්බක්), Augie Duke (කැසන්ඩ්‍රා), Ravi Naidu (එවරෙට්), Scott Alin (නිකෝ) ඇතුළු පිරිසක්.

කතාව ගැන කෙටි හැඳින්වීමක් කලොත්, තරුණ කාන්තාවක් (ශරීන්) සැත්කමක් සඳහා රෝහල් ගත කරනවා. ඇයට නැවත සිහිය එන්නේ, භූගත වෛද්‍ය මධ්‍යස්ථානයකදී. මෙහෙදී ඇයට දැනගන්න ලැබෙනවා, සියළුම රෝගීන්ට විවිධ අතවර හෝ වද වේදනා ලබා දෙන බවත්, ඉතා රහසිගත රුධිරද්‍රවයකින් (බෙහෙතකින්) නැවත සුව කරන බව. මේ පර්යේෂණාත්මක ආයතනය මොකද්ද? මේකෙන් ශරීන්ට ගැලවෙන්න පුළුවන්ද? අනිත් අයට මොකද වෙන්නේ? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳින්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Antidote (2021) සිංහල උපසිරැසි” Antidote.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2103 times – 466 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    Request:
    Occupation: Rainfall (2020)
    Awake (2021)
    The Misfits (2021)

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram