spot_img
spot_img
More

    Baaghi 4 (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Baaghi 4 (2025) Sinhala Subtitle


    ඔන්න එහෙනම් කවුරුත් දන්න කියන භාගි ෆිල්ම් සීරීස් එකේ 04 චිත්‍රපටය තමයි අද අරගෙන ආවේ,

    Baaghi කතාව මතකද?

    මේ හතරවෙනි එක ගැන කතා කරන්න කලින්, අපි පරණ ටික මතක් කරගෙන ඉමු.

    • Baaghi 1: කතාව පටන් ගත්තේ මෙහෙමයි. රොනී (ටයිගර්) එයාගේ ආදරවන්තියව (ශ්‍රද්ධා කපූර්) බේරගන්න තායිලන්තයේ ඉන්න දුෂ්ටයෙක් එක්ක සටන් කරනවා. මේකේ තිබුණේ පිරිසිදු මාෂල් ආට්ස් වලින් පිරුණු සුපිරි action.

    • Baaghi 2: දෙවෙනි එකේදී කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. රොනී දැන් හමුදා නිලධාරියෙක්. එයාගේ පරණ පෙම්වතියගේ (ඩිෂා පටානි) පැහැරගත්ත දුවව හොයන්න තමයි මේ පාර සටන.

    • Baaghi 3: තුන්වෙනි එකේදී නම් ටයිගර් සීමාව පන්නලා ගියා කිව්වොත් හරි. එයාගේ අහිංසක අයියාව (රිතේෂ් දේශ්මුක්) සිරියාවේදී පැහැරගත්තම, රොනී එයාව බේරගන්න මුළු රටකටම විරුද්ධව සටන් කරනවා!

    Baaghi 4 කථාව ගැන කිව්වොත්,

    රොනී දරුණු train accident එකකින් යන්තම් ජීවිතේ බේරගන්නවා. ඒත් එයාගේ හිතේ තියෙන්නේ ලොකු දුකක් සහ වරදකාරී හැඟීමක්. එයා ආදරය කරපු කාන්තාවකගේ මතකයන් එයාව හොල්මන් කරනවා. මේ නිසා රොනීගේ මනස බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඇත්ත මොකක්ද, බොරුව මොකක්ද කියලා එයාටවත්, එයාගේ වටේ ඉන්න අයටවත් හොයාගන්න බැරි වෙනවා.

    මේක 2013 දෙමළ චිත්‍රපටියක් වුණු “Ainthu Ainthu Ainthu” එකේ නිල නොවන remake එකක් කියලත් සඳහන් වෙනවා.

    මේ වතාවෙත් රොනී විදියට ටයිගර් සහ විලන් විදියට සංජේ දත් රංඟනයෙන් එක් වෙනවා. ඒවගේම, පන්ජාබ් සිනමාවේ ජනප්‍රිය තරුවක් වන සෝනම් බජ්වා වගේම 2021 මිස් යුනිවර්ස් කිරුළ දිනූ හර්නාස් සන්ධු තමයි ප්‍රධාන නිළියන්. හර්නාස්ගේ පළවෙනි හින්දි චිත්‍රපටියත් මේකයි.

    Baaghi 4 කියන්නේ ඇස් දෙකට විවේකයක් නැතිව action බලන්න ආස, ටයිගර් ෂරෝෆ්ගේ සටන් වලට කැමති කෙනෙක්ට නම් හොද ෆිල්ම් එකක් වෙයි. ඒත්, හොඳ ගැඹුරු කතාවක් බලාපොරොත්තුවෙන් යනවා නම්, සමහරවිට ඔයාව කලකිරීමට පත් වෙන්න පුළුවන්.

    ඉතින්, රොනීගේ මේ අලුත්ම, මානසික සටන බලනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔයාලා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HDTS පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Baaghi 4 (2025) සිංහල උපසිරැසි” Baaghi.4.(2025).Sinhala.Subtitle.rar – Downloaded 349 times – 286 B

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram