spot_img

Bailampudi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අළුත් තෙලුගු චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.bailampudi 2019 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයෙන් බයිලම්පුදි කියන ගම වටා සිදුවන සිදුවීම් පෙලක් රසවත්ව ගලාගෙන යනවා. 7.8ක imdb අගයක් හිමිවෙලා තියෙන මේ චිත්‍රපටය Action/drama ගණයට අයිති වෙලා තියෙනවා. කතාවේ සිටින නළු නිළියන් නම් ඔයාල කවදාකවත් චිත්‍රපටයක දැකල නැති වෙන්න ඕන.ඉන් ප්‍රධාන චරිතයන් රඟදක්වන්නේ නවක නළු harish vinay (රවී) සහ නවක නිලී tanishq rajan (කල්‍යාණි) විසිනි.

කතාවත් චුට්ටක් කිව්වොතින් මම මුලින්ම කිව්ව වගේ මේ කතාව ගලාගෙන යන්නේ බයිලම්පුදි කියන ගම වටාය.මේ ගමේ ත්‍රීවිල් හයර් දුවන යාළුවො 3 දෙනෙක් ඉන්නවා.එයින් එක්කෙනෙක් තමයි රවී කියන්නේ.ඒ වගේම මේ ගම පාලනය කරන කෙනෙකුත් ඉන්නවා ගංජා ගුරුනාරායනා කියල.ගංජා කියන කෑල්ලෙන්ම ඔයාලට දැනගන්න පුළුවන් මොකක්ද එයාගෙ රස්සාව කියලා.ඔව් එයාගෙ රස්සාව තමයි හොරෙන් ගංජා බිස්නස් කරන එක.මේ ගමේ හැමදෙනෙක්ගෙම වගේ රස්සාව වෙන්නේ මේ ගංජා බිස්නස් තමයි.දවසක් ගුරුනාරායනාගෙ ගෝලයෝ පිරිසකට රවී සහ එයාගෙ යාළුවො 2ගෙන් රිදෙන්න වදිනවා.එතනදී තමයි රවීට එයාගෙ ගෑනුලමයා කල්‍යාණිව හම්බෙන්නේ.කල්‍යාණි කියන්නේ ගුරුනාරායනාගේ නෑදෑ වෙන දුවෙක්. කල්‍යාණියි රවීයි ආදරේ කරනව කියල දැනගත්තම ගුරුනාරායනාට ගොඩාක් කේන්ති ගිහිල්ලා රවීව ගංජත් එක්ක පොලීසියට මාට්ටු කරනවා. එතනින් තමයි මුළු කතාවම නොපිට ගැහෙන්නේ. ඇත්තටම ගුරුනාරායනායි රවීයි අතරේ තරහක් තියෙනවද? නැත්තම් කවුරුහරි මේ දෙන්නව කොටවනවද? කියල දැනගන්නනම් චිත්‍රපටය බලන්නම වෙනවා.

මුලින් ටිකක් ඒකාකාරී විදියට චිත්‍රපටය ගලාගෙන ගියත් අවසානයේදී නරඹන්නන්ගේ සිත් උඩු යටිකුරු කරන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. තවත් උපසිරසියකින් ඔයාල හමුවට එන්නම් කියන බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නවා . සියළු දෙනාටම බුදුසරණයි!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram