spot_img

Bareilly Ki Barfi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Nil Battey Sannata චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරි ගේ නවතම නිර්මාණය. සිය පළමු චිත්‍රපටය ඇය විසින් හින්දි හා දෙමළ භාෂා 2න්ම සමගාමීව නිර්මාණය කෙරුණු අතර එය ලැබූ සාර්ථකත්වය නිසාම දැන් මලයාලම් භාෂාවෙනුත් ප්‍රතිනිර්මාණය වී තියෙනවා. අශ්විනි තම දෙවන චිත්‍රපටය සඳහා පාදක කරගෙන ඇත්තේ ප්‍රංශ ලේඛක Nicolas Barreau ගේ නවකතාවක්(Ingredients of Love). විචාරක, ප්‍රේක්ෂක දෙපාර්ශවයේම උණුසුම් පිළිගැනීමට ලක්වූ මෙය වසරේ හොඳම බොලිවුඩ් චිත්‍රපට 5 අතරට එක්වන බව පෙන්නුම් කර තියෙනවා.

උත්තර් ප්‍රදේශ් හි බරේලි නම් නගරයේ වෙසෙන යුවතියක් බිට්ටි මිශ්රා. පිරිමියෙකුගේ වැනි චර්යාවන් ඇති ඇය තම පෙම්වතා විසින් සිය කන්‍යාභාවය ප්‍රශ්න කරනු ලැබීමත්, ඒ හේතුවෙන් විවාහ ගිවිස ගැනීම දෙවතාවක් කල් යාමත් නිසා කලකිරීමට පත්ව ගෙදරින් පැන යනවා. ඒ යන ගමනේදී දුම්රිය ප්‍රමාදයක් හේතුවෙන් කල් මැරීමට සිදුවීම නිසා දුම්රිය පොළේ ඇති පොත්හලකින්, මිලෙන් අඩු නවකතා පොතක් ගෙන කියවන්නට පටන් ගන්නා ඇයට පෙනී යන්නේ එහි ඇත්තේ තමන්ගේම චරිතය පසුබිම් කරගත් කතාවක් බවයි. මෙයින් විස්මයට පත්වන බිට්ටි යන ගමන නවත්වා ආපසු පැමිණ නවකතාවේ කතුවරයා හොයාගෙන යන්නට පෙළඹෙනවා.

බොලිවුඩ් චිත්‍රපටවල නිතරම දකින්නට ලැබෙන අන්දමේ තුන්කොන් ආදර කතාවක් වුණත් මෙහි එය ප්‍රේක්ෂකයන් වෙත ගෙන එනු ලැබෙන්නේ නවතම මානයකින් නැවුම් අත්දැකීමක් ලබාදෙන ආකාරයටයි. Nil Battey Sannata හි මෙන්ම මෙහිදීත් අශ්විනිගේ සාර්ථකත්වය පසුපසින් ඇති සෙවණැල්ල බවට පත්වී සිටින්නේ Chillar Party සහ Dangal වැනි චිත්‍රපට නිර්මාණය කළ ඇගේ සැමියා වන නිතේෂ් තිවාරියි. ඔහු සහ විනීත් ජෛන් එක්ව ලියන ලද ප්‍රබල තිර පිටපත මෙහි සාර්ථකත්වයේ පදනම බවට පත්වී තියෙනවා. බැරෑරුම් (serious) චරිත හා සිදුවීම් කීපයක් ඔවුන් තිරයට ගෙන එන්නේ හාස්‍ය රසයට මුල් තැනක්දී comic tone එකක් සහිතවයි. සියල්ලන්ටම ඉහලින් සිටිමින් මේ චරිත හා සිදුවීම් දකින බාහිර කථකයෙකුගේ voice over එකක්ද (මේ හඬ ජාවෙඩ් අක්තර්ගේ) යොදාගෙන තිබීම මේ අත්දැකීම වඩාත් තීව්‍ර කරන්නට හේතුවී තියනවා. නිතේෂ්ගේ සිනමා සගයකු වන විකාස් බාහ්ල් විසින් නිර්මාණය කරන ලද Queen චිත්‍රපටයත් මෙහි සමහර තැන්වලදී සිහියට එනවා. චිත්‍රපටයේ හොඳම රඟපෑම ගෙන එන ක්‍රිති සැනන් බිට්ටිගේ චරිතය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ජීවත් කරවනවා. ආයුෂ්මාන් කුරානාද සිය සංකීර්ණවූ චරිතය මැනවින් රඟ දක්වනවා. රාජ්කුමාර් රාඕගේ රංගනයේ ඒ තරම් විශේෂත්වයක් නැතිවුණත් ඔහුත් තම චරිතයට සාධාරණය ඉටු කරනවා. සෙසු චරිත වන බිට්ටිගේ මව්පියන් හා චිරාග්(ආයුෂ්මාන්) ගේ මිතුරා ලෙස රඟපාන නළු නිළියන්ද චිත්‍රපටයේ සාර්ථකත්වයට මැනවින් උර දෙනවා. දකුණු ඉන්දීය කැමරා අධ්‍යක්ෂ ගැව්මික් යූ. ආරි ගේ කැමරාකරණයත්, ගීත හා පසුබිම් සංගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂවරුත් අශ්විනිගේ කාර්යයට මනා පිටුබලයක් ලබාදෙනවා. Bareilly Ki Barfi 2017 වසරේ චිත්‍රපට අතර බොලිවුඩ් සිනමා රසිකයින් අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram