spot_img
spot_img
More

    Boomerang (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඒ දවස් වල මම ඕඩියෝ කැසට් එකෙන් තමයි සිංදු ඇහුවේ
    අපේ කැසට් එකේ ආපස්සට දාන බටන් එක වැඩ කරේ නෑ
    ඉතින් මමයි මගේ නංගියි පැන්සලෙන් ආපහු ඔතාගෙන සිංදුව ආපහු අහනවා
    මේ අතින් ටියුන් කරන රේඩියෝ එක,
    ටීවී එකේ මොකුත්ම් පේන්නෙ නැති වෙන කොට උඩ තට්ටුවට ගිහින් ඇන්ටනාව කරකවන එක
    ඇගිල්ල කරකවල ඩයල් කරන කළු ෆෝන් එක
    ඊලග පරම්පරාව මේවා දැනගන්න විදියක් ඇත්තෙම නෑ නේද? වද වෙලා ගිහින්
    වද වෙලා නෙවෙයි, වෙනස් වෙලා
    Ipad,I Phone ඒ වගෙ දේවල්දි යුණුව
    මොන දියුණුවක්ද,එතකොට ආචිචිගෙන් කතාවක් අහගෙන කෑම කටක් කන එක
    ඉංග්‍රීසී කවලනම් නොවුන භාෂාව..කුරුල්ලන්නෙ කිචි බිචිය මේවා කෝහෙද ගියේ?
    පරිණාමයේ ප්‍රථිපලයක් විදියට ඒවා අතුරුදන් වෙලා ගිහිල්ලා
    මොන පරිණාමයකද? අපේ අනන්‍යතාවය අපිම වෙනස් කරගන්න එකද පරිණාමය කියන්නේ?
    එතකොට අද රටේ ගොවියගේ අනන්‍යතාවයට මොකක්ද වෙලා තියෙන්නෙ,රටක ගොවියා කියන්නෙ රටකට සම්පතක්,එහෙම සම්පතක් වෙන ගොවියා සහ කෘෂිකර්මාන්තය අද වන විට මෙච්චර පහත් තත්වයකට වැටිල තියෙන්නෙ කවුරුන් නිසාද යන්න මේ චිත්‍රපටියෙන් ඉතා මනා ලෙස ඉදිරිපත් කරල තියෙනවා…. චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නෙ මොවුන්ටම තමයි

    Imdb අගය 7.6 ක් ලබා ගන්න පුලුවන් උන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි ඔන්න අරගෙන ආවේ…ගොඩක් කට්ටිය බලන් හිටියා මේකේ හොද පිටපත් නිකුත් වෙනකන්ම…හොද පිටපත් නිකුත් උන ගමන්ම පරක්කු නොකර අපි ඔයාලට අරගෙන ආවා.. Atharvaa සමග Megha Akash,sathish,Rj balaji වගේ අය රංඟනයෙන් දායක වෙනවා

    කතාව ගැන ටිකක් කියනවා නම්… සිවා කියන්නේ ගින්නකින් මූන සම්පූර්ණයෙන්ම පිච්චිලා ගිහින් තියෙන අයෙක්මොහුව බේරගන්න ඉතිරිව තියෙන්නෙ මුහුණු බද්ධයක් කරන එක විතරයි එතනින් තමයි ශිවාගේ ජීවිතයම වෙනස් වෙන්නේ… අලුතින් ලැබුන මූණක් එක්ක එයාව ප්‍රතික්ෂේප කරපු ආදරේම ආයෙත් එයාව හොයාගෙනම එන්න පටන් ගන්නවා, මෙහෙම සැහැල්ලුවෙන් ගෙවෙන එයාගෙ ජීවිතේට එක පාරම අනතුරක් වෙනවා.. ඒත් ඒක අහම්බෙන් වෙච්ච සිදුවීමක් කියල අමතක කරන්න හදන කොටම කවුද ඇවිල්ල ශිවාව මරන්න හදනවා ඉතින් මේක තවත් අහම්බුවක් වෙන්න බැරි නිසා මේ මොක්කද වෙන්නෙ කියල බලන්න ශිවා යනවා එයාල අලුත් මූහුනක් දුන්න කෙනාගේ අම්මා හොයගෙන.. එයාගෙන් මේ මොකක්ද වෙන්නේ ඇයි මෙයාව මරන්න එන්නේ කියලා තොරතුරක් දැනගන්න ගියාම එයාට දැනගන්න ලැබෙන්නේ ශිවාට මූහුණු බද්ධයක් කරපු පුද්ගලයාගේ අම්මා මෙයා නෙවෙයි කියලා….ඉතින් දැන් මොනා කරන්නද එක පැත්තකින් ශිවාව මරන්න මිනිස්සු වගයක් පන්නනවා, අනිත් පැත්තෙන් නන්නාදුනන මූණකුත් එක්ක කිසිම විස්තරයක් හොයාගන්න බැරිව අතරමං වෙලා, මෙතනින් එයාට ශිවාට මොනා වේවිද කියල බලන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න..

    අන්තිමට චිත්‍රපටියේ එන දෙබසක් මෙහෙම දාන්නම්

    ”විනාඩි 10ක් තුල කෙල්ලෙක් ඇහැක් ගැහුව වීඩියෝ එකකට මිනිස්සු කෝටියක් ලයික් කරනවා එත් සමාන්‍ය මනුස්සයෙක්ගේ ප්‍ර‍ශ්නයක් හරි ගොවියෙක්ට ප්‍රශ්නයක් ගැන විස්තරයක් දැම්මොත් එකෙක් හැරිලා වත් බැලුවේ නෑ”

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Boomerang.(2019).Sinhala.Subtitle.rar – Downloaded 265 times – 47 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram