spot_img

Blind Spot (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Blind Spot (2025) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් අපි ආයෙමත් නවීන් චන්ද්‍රාගෙ ෆිල්ම් එකක් අරගෙන ආවා.
කලින් Eleven කියන දෙමළ ත්‍රිලර්, කයිම් එකනෙ අරන් ආවේ. මේක තෙළුඟු ක්‍රයිම් ත්‍රිලර් එකක්. නම තමයි Blind Spot. ඒ වගේම නවීන් චන්ද්‍රාගේ ලස්සනම ෆිල්ම් එකකුත් අපි දුන්නා Bhanumathi & Ramakrishna කියලා.

කතාව මෙහෙමයි, දිව්‍යා කියලා ගෑනු ළමයෙක් මැරෙනවා. මුලින්ම හැමෝම හිතන්නේ මේක සියදිවි නසාගැනීමක් කියලා. හැබැයි ඔෆිසර් වික්‍රම් කියලා පොලිස් නිලධාරියෙක් මේක පරීක්ෂා කරගෙන යද්දී තමයි අලුත් පැත්තක් මතුවෙන්නේ. එයාට තේරෙනවා මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි, මිනීමැරුමක් කියලා.

ඉතින් එතන ඉඳන් තමයි කතාව දිගහැරෙන්නේ. වික්‍රම්ට සිද්ධ වෙනවා සැකකාරයෝ ගොඩක් අතරින් ඇත්ත හොයාගන්න. කවුද මේ සැකකාරයෝ? දිව්‍යාගේ මහත්තයා, ගෙදර වැඩ කරපු මෙහෙකාරිය… ඔය වගේ කට්ටියක් තමයි ඉන්නේ. මේ හැමෝම දිහා බලද්දී එක එක්කෙනා ගැන සැක හිතෙන දර්ශන තියෙනවා.

වික්‍රම් මේ පරීක්ෂණේ කරගෙන යද්දී තමයි පවුල ඇතුළේ තිබ්බ ගොඩක් රහස්, හංගගෙන හිටපු බොරු එළියට එන්නේ. ඒ කියන්නේ නිකන් සරල මිනීමැරුමක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු, සංකීර්ණ කතාවක් මේකේ තියෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්, කතාව ලියලා තියෙන්නෙත් රාකේෂ් වර්මා කියන කෙනාමයි. ඉතින් එයාගෙ දැක්ම හොඳටම ෆිල්ම් එකේ තියෙනවා. නළු නිළියන් විදියට නවීන් චන්ද්‍රා, රාශි සිං, සහ අලි රේසා රඟපානවා. ඔෆිසර් වික්‍රම්ගේ චරිතෙට නවීන් චන්ද්‍රා රංඟනයෙන් දායක වෙනවා, මොකද එයා තමයි ප්‍රධාන පරීක්ෂකයා.

ඉතින්, “Blind Spot 2025” එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳ සස්පෙන්ස් එකක්, කතාව ඉස්සරහට යද්දී “කවුද මිනීමරුවා?” කියලා හිතාගන්න බැරිව යන ගතියක්, පවුල් ඇතුළේ තියෙන අඳුරු පැති එළියට එන හැටි වගේ දේවල්. අභිරහස් කතා, මිනීමැරුම් පරීක්ෂණ ගැන ෆිල්ම් බලන්න ආස අයට මේක හොඳ අත්දැකීමක් වෙයි කියලා හිතෙනවා. හැමෝම අන්තිමට “අම්මෝ මෙයාද මිනීමරුවා!” කියලා පුදුම වෙන ජාතියේ එකක් වෙන්නත් පුළුවන්. බලමුකෝ!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ ඇති පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram