spot_img
spot_img

CHIPS (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේක මං බාරගෙන හිටපු චිත්‍ර‍පටියක් නෙමෙයි. නමුත් කරන්න ගත්ත කෙනා ප්‍ර‍තිචාරයක් නැති නිසා මගෙන් කරමුද ඇහුවා. ඉංග්‍රිසි කොමඩි ෆිල්ම්ස් වලට කොහොමත් මං ආස නිසා දෙපාරක් හිතන්නේ නැතුව වැඩේ කරන්න අරන් ඉවරයක් කලා…

මේක අධ්‍යක්ෂණය කරන්නේ Dax Shepard විසින් Hit and Run චිත්‍ර‍පටියත් ඔහුගේම නිර්මාණයක්… ඒ විතරක් නෙමෙයි Dax Shepard තමයි මෙහි ප්‍ර‍ධාන චරිතයක් වෙන ජොන්ගේ චරිතයටත් පණපොවන්නේ…. මිට අමතරව Michael Peña,Rosa Salazar,Kristen Bell රංඟනයෙන් දායක වෙනවා… එතකොට මේ කතාවේ ප්‍ර‍ධාන චරිත කරන Dax Shepard හා Kristen Bell සැබැ ජිවිතේදිත් සැමියායි බිරිදයි විමත් විශේෂත්වයක්. කතාව ගැන කිව්වොත් ජොන් කියන්නේ කලින් මෝටර් බයික් ධාවන ශුරයෙක්. නමුත් ඔහුට සිදුවුනු අනතුරු කිහිපයක් නිසා ඔහුට අපහු තරඟ කරන්න වෙන්නේ නැහැ… මේ නිසාම ඇයගේ බිරිදත් ඇයගෙන් දික්කසාද වෙන්න යනවා. ඒ නිසා ඔහු තිරණය කරනවා රථවාහන පොලිසියට බැදෙන්න. කොහොම හරි මේ දවස් වලම බැංකු වල මුදල් ගෙනියන රථ කිහිපයක් කොල්ලකනවා.. මේකට පොලිසියෙත් සම්බන්ධයක් ඇතැයි කියලා FBI එක සැක කරනවා. මේ නිසා ඔවුන් තිරණය කරනවා ඔවුන්ගේ නිලධාරියෙක්ව පොලිසියට එවලා ඒ කවුද කියලා හොයාගන්න. ඔහුගේ නම තමයි පොන්ච්. පොන්ච් හා ජොන්ව තමයි එකට වැඩ කරන්න වැටෙන්නේ. ජොන් කියන්නේ ටිකක් අමුතු පුද්ගලයෙක්… හැමවේලේම ඇත්ත කතා කරනවා… ආයේ හොර බොරු වංචාවක් නැහැ… ඉතින් මේ දෙන්නාගේ විකාර වැඩ වගේම අර කිව්ව මුදල් කොල්ල කන කට්ටිය අල්ලගන්න දෙන ගේම තමයි චිත්‍ර‍පටිය පුරාවටම ගෙතෙන්නේ. මේක ටිකක් විතර +18 වගේ… මොකද පින්තුර දෙක තුනක් ෆොන් චැට් වලින් පෙන්වන එවා තියනවා ඒ ඇරෙන්න චිත්‍ර‍පටියේ වෙන අවුලක් නම් නැහැ…. එහෙනම් හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්. මේ පාර මං දාපු හොදම කොමඩි චිත්‍ර‍පටි ටික දකුණු පැත්තේ දාලා ඇති… එහෙනම් ගිහින් එන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

Download “CHIPS (2017) සිංහල උපසිරැසි” CHIPS.2017.Sinhala.Subtitle.rar – Downloaded 441 times – 46 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram