today-is-a-good-day
More

    Chup (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Chup (2022) Sinhala Subtitle   Chup – The Revenge of an Artist (2022) Sinhala Subtitle

     

    ඔයත් ෆිල්ම් බලන කෙනෙක්ද? ඒ ෆිල්ම් වලට අදහස් දක්වන කෙනෙක්ද? ඒ ෆිල්ම් වලට රේට් කරන කෙනෙක්ද? ඒ කියන්නෙ ෆිල්ම් එකට 10න් හෝ 5න් අගයක් , තරු දෙන කෙනෙක් ද? එහෙනම් ඔයත් මේ ෆිල්ම් එක බලන්න.

    Psychological, Thriller ශාරණයට අයත් වන සහ 8.3ක IMDb අඟයක් ලබාගත් Chup (2022) චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි අදත් මේ ආවෙ. අපි කවුරුත් හඳුනන රාම්, එහෙම නැත්නම් චාලි තමයි අපේ ප්‍රධාන නළුවා.. ඔව් ඔහු තමයි, සුපිරි මලයාලම් තරුව දුල්කර් සල්මාන්. ඉතිං මේ ඔහුගේ 3න් වන හින්දි චිත්‍රපටය. හැමෝම දන්න විදියට මේ ඔහුගේ වාසනාවන්ත අවුරුද්ද. මොකද මේ වසරෙ ඔහුගේ චිත්‍රපට සියල්ලම සාර්ථක වුනා.

    කතාව ගැන කියනව නම්, දාම ඝාතන රැල්ලකින් තමයි ඇරඹෙන්නේ. ඉතිං මේ කවුද මැරෙන්නෙ, කවුද මරන්නෙ කියලා මං කියන්න යන් නැහැ. ඒත් ඒ හැමෝගෙම සම්බන්ධයක් තියෙනවා. යම් කොට්ඨාසයක් ඉලක්ක කරගත් මේ ඝාතන රැල්ල ගැන පොළිස් විමර්ශනයට නිළධාරියෙක් පැමිණෙනවා. ඔහු මෙම සිඳුවීම ගැන විමර්ශන කරද්දි පවා මැරුම් සිද්ධ වෙන නිසා ඔහු නොයෙකුත් දේවල් සිඳු කරනවා මිනීමරුවා අල්ලගන්න.

    ඒ අතර ඩැනී කියන්නේ මල් කඩයක් කරන කෙනෙක්. ඔහු එක අතකින් තමා සමඟම කථා කරගන්න කෙනෙක්. ඉතිං දවසක් මේ මල් කඩයට ආපු කෙල්ලෙකුත් තමා සමඟම කතා කරනවා (වැරදීමකින්) වගේ දැකපු ඩැනීට මැය ගැන සුළු හැඟීමක් ඇති කරනවා. පසුව නැවත නැවත හමුවීම නිසා, ඒ දෙදෙනා අතර ඇති වන සම්බන්ධයත් සමඟ ඉහත කී ඝාතණ රැල්ලද පටලැවෙනවා.

    ඉතිං එහෙනම් මේ පටලැවුම් ලිහා ගන්න, කවුද මැරෙන්නේ ඇයි මරන්නෙ, කවුද මරන්නේ කියලා දැනගන්න නම්, ඔයාලත් මේ චිත්‍රපටය බලන්න. සුපුරුදු පරිදු සිංඳුත් උපසිරැසි ගන්වලා ඇත්තේ. එහෙනම් මාත් මෙහෙමම මේ ෆිල්ම් එකට තරු 3ක් දෙනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Chup Revenge of the Artist (2022) සිංහල උපසිරැසි” Chup.(2022).Sinhala.Subtitle.rar – Downloaded 8465 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    12 COMMENTS

    1. සුපිරි මලයාලම් සෙට් එකකුත් අවිත් තියනවා, ඒවට සබ් බලාපොරොත්තුවෙන් ඉන්නේ

    2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර …..

      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      • අශේන්…….අශේන්….අශේන්………!!
        Thanks kiyala madi me karana sewayata..
        Oyata godakma pin saho…………………!

    3. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜
      තව තවත් වැඩිවේවා…✌

    Leave a Reply to isuru Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram