More

    Cinema Bandi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තෙළුගු චිත්‍රපට කිව්වම අපි හැමෝගෙම හිතේ එක්කො මසාලාවක් නැත්නම් ආදර කතාවක් එහෙමත් නැත්නම් ලොකු කොමඩි සිනෙමාවක් තමයි එක පාරටම සිහියට එන්නේ. ඒත් අද නම් අරන් එන්නේ හුගක් වෙනස්ම කථාවක්.. ඒ සියල්ලෙන් ඉදිරියට ඇදුණ ස්වෝත්සාවයෙන් දියුණු වෙන්න හදන අයගේ කතාවක්.

    වැස්සක් නෑ, ඉතිං වතුර හිගයි, ඵලදාවක් කරගන්න විදියක් නෑ වගේම යම් කාල වලට ආයෙ හුග කලකට නොයෙන්නම විදුලිය කපනවා. ඔව් මේ එක්තරා ගම්මානයක තත්වේ. ඉතිං මේ පිටිසර ගමේ තමයි අපේ කථානායකයා ඉන්නෙ. ඔහු වෘත්තියෙන් ත්‍රීවීල් රථ රියැදුරෙක්. එදා දවස හම්බකරන් එදා වේල කාල තමයි ජීවිතේ ගැටගහගන්නේ. ඉතිං එක් දිනේක රථයෙ යම් මල්ලක් තිබිලා මොහුට හම්බවෙනවා. දිග ඇරලා බැලුවම, ලොකූ කැමරාවක්. මොහු මේකත් අරන් යනවා ඔහුගේ කැමරා යාළුවා ගනා ලගට. ගිහින් 10000ක්වත් ගන්න පුළුවන්ද අහනවා විකුණුවොත්. ඒ වෙලේ තමයි ඔහු දැනගන්නෙ මේක චිත්‍රපටි කරන මට්ටමේ ලොකු කැමරාවක් කියලා. ඉතිං මේක කුලියට බදු දෙන්න තීරණය
    කලත්, රූපවාහිනී ප්‍රවෘත්තියක් ඔහුගේ තීරණය උඩි යටිකුරු කරනවා.

    ඉතිං අවසානෙ ඔහු තීරණය කරනව චිත්‍රපටියක් කරන්න. ඒත් ඉතිං සල්ලි කෝ? නළු නිළියො කෝ? ලොකේෂන් කෝ? ඉතිං ගනා එක්කම එකතු වෙලා ගමේ අයවම යොදන් ගමම ලොකේශන් කරන් ගමේම කෙනෙක්ගෙ කථාවකට මොවුන් චිත්‍රපටියක් කරන්නයි දැන් ලැහැස්තිය. ඒත් චිත්‍රපටි බලල පමණක් තියෙන මොවුන්ට චිත්‍රපටියක් කරන්න යද්දි මොන මොනා නම් කරදර වලට මුහුණ පාන්න වෙයිද?

    කාතා නායකයගෙ අරමුන හරිම වෙනස්. චිත්‍රපටිය ජනප්‍රිය උනොත් ඒ ලැබෙන සල්ලි වලින්, ගමේ පාරවල්, කරන්ට්, ලිං එහෙම හදන්න තමයි මොහුගේ මේ ප්‍රයත්නය. ගම්මානය හැඩකරන්නයි හිත.කැමරාවක් නිසා වෙනස් උන ජීවත වල කතාවක් තමයි මේක. විනෝදයට බර සරල සිනෙමා පටයක් වනමෙය අනිවාරෙන් බලන්න කියලා කියනවා.

    හීන මැද්දෙන් ගෙවෙන පුදගලයින්ගෙ කතාවක් මේක. Everyone is a filmmaker.. at heart. ඉතිං ඔයාලට කලිනුත් මේ වගේ ෆිල්ම් එකක්, අධ්‍යක්ෂණයට කොල්ලෙක් දරණ ප්‍රයත්නයක් ගැන අඩංගු විනාඩි 45ක කෙටි චිත්‍රපටියක උපසිරැසි දීලා ඇති. ඒකත් බලන්න. (Name:Cinemavadu)

    ඉතිං අවසානෙ මොවුන්ගේ අසීරු උත්සහයට කුමක් උණිද? කැමරාව කාගෙද? ඔයාලම බලන්න.ඇත්තටම මේක කරන්න තුන් හිතකවත් තිබුනේ නෑ. “නදීෂ” කියන අයියා කෙනෙක් මාව මෙන්ෂන් කරලා කිව්ව නිසා තමයි නොබලම උපසිරැසිය කලේ. ඉතිං තනියම කරන්න වෙලාවක් නොතිබුණ නිසා, ලහිරු අයියවත් අල්ලගත්තා. එයා නම් එයාගෙ කොටස කරල එවලා දැන් දවස් ගානක් වෙනවා. මගෙ ප්‍රමාදය නිසයි පරක්කු වුනේ. භාෂා මික්ස් වුන, ගැමි ආරෙ හුගක් අමාරු උපසිරැසියක් වගේම 70%ක් පමණ Esub එක අවුල්. කොහොමද කියනවනම් English දෙබස් වලටත් කියන එක ගහල නෑ. තවත් උපසිරැසියකින් මුණගැසෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “CINEMA BANDI (2021) සිංහල උපසිරැසි” CINEMA.BANDI.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1678 times – 46 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. මේ දවස් වල මචො ෆිල්ම් එන එකත් අඩුයි. එ නිසා හොද නරක බල බල ෆිල්ම් බලන් නැ. දෙන හැම එකම බලනවා. තැන්ක්ස් මේ වගේ නොදිපු තව ති⁣යෙනවා නම් සබ් කරන්න කියලා ඉල්ලනවා.

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram