spot_img
spot_img
More

    Civil War (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Civil War (2024) Sinhala Subtitle

    ඇමරිකාවේ ප්‍රාන්ත අතර යුද්ධයක් ඇතිවුනොත් කොහොම තියේවිද? ඒක එක අතකින් විය නොහැකි සිදුවූමකුත් නෙමෙයි. මොකද, ඇමරිකාවේ ගිනිඅවි ළඟ තබාගැනීම ඉතා සාමාන්‍ය දෙයක් වෙලා තියෙන නිසා. ඇමරිකාව පුරා සිවිල් යුද්ධයක් ආරම්භ වෙලා, බටහිර බලකාය නම් ආයුධ සන්නද්ධ යුධ හමුදා පිරිසක් සහ ප්‍රාදේශීය කල්ලි කීපයක් බෙදුම්වාදීන් සමඟ කරන යුද්ධයක් නිසා ඇමරිකාව කඩා වැටිලා තියෙන්නේ. ඒ අතරේ ජනාධිපතිතුමා විසින් FBI සංවිධානය අත්හිටුවන්න තීරණය කරන්නේ, ප්‍රාදේශීය කල්ලි වලට දෙන සහයෝගයක් විදියට. මේ යුද්ධය අතරේ, යුධ ආවරණය කරන ජනමාධ්‍යවේදීන් කීප දෙනෙක් ගැන කතාවක් තමයි මම අද අරගෙන ආපු චිත්‍රපටියේ තියෙන්නේ.

    Civil War (2024) චිත්‍රපටිය තමයි මම අද අරගෙන ආපු කතාව. මේක Alex Garland විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්. Entertainment Film Distributors විසින් ඇමරිකාව පුරා බෙදාහැරීමේ කටයුතු සිදුකෙරුණා. රඟපෑමෙන් දායක වුනා, Kirsten Dunst (ලී ස්මිත්), Wagner Moura (ජෝ), Cailee Spaeny (ජෙසී කලන්), Stephen McKinley Henderson (සැමී) ඇතුළු පිරිසක්.

    මේ චිත්‍රපටියේ එක තැනක දකින්න ලැබෙනවා, නත්තල් සැරසිලි කීපයක් සහ කානිවල් එකක සුන්බුන් ටිකක දර්ශණයක්. ඇත්තටම මේ චිත්‍රපටියට ඒක අරගන්න සැලසුම් කරලා තිබිලා නෑ. ඇත්තටම ඒක, සංචාරක ආකර්ශණය අරගන්න නිර්මාණය කරපු නත්තල් කලාපයක්, නමුත් මූල්‍යමය අර්බුධ නිසා ඉදිකිරීම් අතරමග අත්හිටවලා. මේක දැකපු අපේ අධ්‍යක්ෂකවරයා මේ දර්ශණ චිත්‍රපටියට ඇතුලත් කරගන්නේ “නත්තල් සැරසිලි තාමත් ගෙදරින් අයින් කරලා නැත්නම්, මොකක් හරි අවුලක් තියෙනවා” කියන සංකල්පයෙන්.

    චිත්‍රපටියේ web rating ගැනත් කියන්නම්. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 7.3, Rotten Tomatoes 81%, Metacritic 75%, Google Users 74% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හොඳ තත්වයක තියෙන එකක්. ආදායම් වාර්ථා අතිනුත් ඉහල මට්ටමක ඉන්නවා. ඇමරිකානු ඩොලර් මිලියන 50ක ඇස්තමේන්තුවකින් ආරම්භ වුණු චිත්‍රපටිය, මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 114කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.

    එහෙනම් හැමදාම කියනවා වගේ, මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න. උපසිරැසි වල තියෙන හොඳ නරක, ගල් මල්, වැරදි අඩුපාඩු අපිට කියන්න. හැමෝටම ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Civil War (2024) සිංහල උපසිරැසි” Civil.War.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1170 times – 582 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. ගොඩක්ම ස්තූතියි .
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram