today-is-a-good-day
More

    Click (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හරි, මුලුන්ම කියන්න ඕනේ මේක මම Zoom එකට දෙන පළවෙනි උපසිරැසිය.මම මේ චිත්‍රපටයටත් ගොඩක් ඇලුම් කර නිසා මෙයට උපසිරැසි යෙදීමට මා තීරණය කලා. එසේම මම Adam Sandler ගේ රසිකයෙකු විමද මීට හේතු විය.

    හරි. Hollywood ෆිල්ම් බලන ඔයාලා හැමෝම වගේ දන්නවනේ Adam Sandler කියන්නේ කවුද කියලා. මෙයා ඇමරිකාවේ සිනමාවේ ඉන්න සුපිරිම විකට නළුවෙක්. හැබැයි අපේ Kevin Hart තරම් නම් නෑ Adam Sandler මේ වෙනකොට Comedy වර්ගයේ චිත්‍රපටි විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායකවී තිබෙනවා. මෙයාගේ ෆිල්ම් වලට නම් අනිවාර්යෙන්ම හිනා යනවා. මේකත් එහෙම ඔයාලට ගොඩක් හිනා වෙන්න පුළුවන් ලස්සන Comedy චිත්‍රපටියක්. අනිවාර්යෙන්ම බාගෙන බලන්න. තව මතක් කරන්න ඕනේ මේකට මට උපසිරැසි යොදන්න යම් කාලයක් ගත වුනා. මේකේ ලයින් 1500ක් විතර තිබුනා ඒකයි. සැලකිය යුතු මහන්සියක් දරලා තමයි මේකට මම උපසිරැසි යෙදුවේ.

    මයිකල් නිවුමන්, පෞද්ගලික ආයතනයක සේවය කරන වාස්තු විද්‍යාඥයෙක් . මෙයාට ඉන්නවා ලස්සන නෝනා කෙනෙකුයි පොඩි පිරිමි ළමයෙකුයි ගෑල්ලමයෙකුයි. මෙයා ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන වැඩත් එක්කම තැලිලා පොඩි වෙලා ඉන්න පුද්ගලයෙක්. පවුලේ අය එක්කවත් මෙයාට ගත කරන්න ඒ හැටි කාලයක් නෑ. මොකද ඒ මෙයාට ඒ තරමටම වැඩ. මෙයා මෙහෙම ගොඩක් මහන්සි වෙන්නේ තමන්ගේ පවුලටයි ළමයින්ටයි සැපවත් ජීවිතයක් ලබා දෙන්න. මෙයාට නිතරම පැටලෙනවා ගෙදර තියන රිමෝට්. ගෙදර ගරාජ් එක අරින්න හදනකොට ඔබලා තියෙන්නේ ෆෑන් එකේ රිමෝට් එක. ඉතින් මේ වගේ ගොඩක් දේවල් පැටලෙනවා. දවසක් TV එක දාන්න හදනකොට එකපාරටම සෙල්ලම් හෙලිකොප්ටරයක් ඇවිත් ඔළුවේ වදිනවා. මිනිහට මේ නිසා ගොඩක් කෙන්ති යනවා. ඊට පස්සේ මයිකල් හිතනවා ගෙදර හැම උපකරණයක්ම පාලනය කරන්න පුළුවන් රිමෝට් එකක් ගැන. එහෙම එකක් හොයන්න මයිකල් තරහින්ම එදා ගෙදරින් පිටත් වෙලා යනවා. සූපර් මාර්කට් එකකදි මෙයාට හම්බවෙනවා ඉතාමත් අමුතු පුද්ගලයෙක්. මයිකල් ඒ පුද්ගලයට කියනවා තමන්ගේ අවශ්‍යතාවය. ඊට පස්සේ මේ පුද්ගලයා මෙයාට දෙනවා අපූරූ රිමෝට් එකක්. ඒක ඇවිත් ජීවිතේ Play & Push & Fast-Forward කරන්න පුළුවන් රිමෝට් එකක්. මයිකල් මේකෙන් ගොඩක් වැඩ ගන්නවා. ඒ වගේම මේ රිමෝට් එක නිසා මයිකල්ට ලොකු කරදර ගොඩකට මූණ දෙන්න සිද්ද වෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “Click (2006) සිංහල උපසිරැසි” Click.(2006).Sinhala.Subtitle.rar – Downloaded 688 times – 46 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    UD shehan
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram