More

    Cocktail (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මගේ උපසිරැසි ඉතිහාසේ මම හොදටම මහන්සි උන සබ් එක මේක.පාන්දර වෙනකම් ඇහැරිලා ඉදලා අද උදේ සිංදු ටික සේරම හදලා දවල් වෙන්න කලින් වැඩ ඉවර කලා.ඇත්තටම මම මේක දෙන්න හිටපු එකක් නෙමෙයි.මේක සම්පුර්ණයෙන්ම ඉල්ලිමක් ඉටු කිරිමක්.කලින් කිව්වා වගේ සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ ඉක්මනට දුන්නා කියලා සිංදු අමතක කරලා සබ් දැම්මේ නම් නෑ. ච්ත්‍රපටියේ කතාව වෙන්නේ නම් යාළුවෝ තුන්දෙනෙක් අතර වෙන කතාවක්.වෙරොනිකා කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන සෙල්ලක්කාර ගැණු ළමයෙක්.ජිවිතේ ගැන සරළව හිතෙන හිතුන දේ කරන කෙනෙක්.එයාට හම්බවෙන යාලුවා මීරා කියන්නේ වෙරෝනිකාට වඩා වෙනස්ම කෙනෙක් ගතිපවැතුම් වලින් උසස් කෙනෙක්.මේ කතාවට එන තුන්වැනියා තමයි ගෞතම් එයත් සෙල්ලකාර ජිවිතයක් ගත කරන තරුණයෙන්.එකම ජාතියේ අයනේ එකට එකතු වෙන්නේ නේද වෙරෝනිකා හා ගෞතම් දෙන්නා කොහොමින් කොහොම හරි යාලුවෙලා එකට ඉන්න පටන් ගන්නවා.දෙන්නම එකම විදියට හිතන්නේ එකම ගතිපැවතුම් තියෙන්නේ ඒ නිසා ඒ දෙන්නට දෙන්නා හොදයි.හැබැයි වෙරොනිකාගේ හොදම යාළුවා මිරාට ගෞතම් ගේ හිත යනවා.මොකද එයා හිත ඇතුලෙන් එයාට හොයන්නේ යහපත් ගති පැවතුම් තියන ගැණු ළමයෙක් නිසා.ඒ සේරම මිරාගේ ගාව තියනවා.මිරාත් ගෞතම්ගේ ආදරයට අවනත වෙන්න පටන් ගන්නවා.ගැණු ළමයි දෙන්නෙක් එකම පිරිමි ළමයෙක්ට ආදරය කරනවා හැබැයි එයාගේ ආදරේ තියෙන්නේ එතනින් එක ගැණු ළමයෙක්ට විතරයි…මෙතනින් පස්සේ මොනා වෙයිද යාළුකම කියන දේට ආදරය එකතු උනාම අපි හිතන්නෙවත් නැති දේවල් වෙන්න පුලුවන්.ගෞතම් වෙරොනිකා මිරා මේ තුන්දෙනා අතර දිවෙන ආදර කතාව කොක්ටෙල් මෙම චිත්‍රපටියෙන් ඔබට නරඹන්න පුලුවන්. හරි එහෙනම් අපි ගියා.මේ මගේ 11වැනි හින්දි චිත්‍රපටි උපසිරැසි ගැන්විම.ඔන්න එහෙනම් අපේ යාලුවන්ගේ ඉල්ලිම ඉටු කලා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Cocktail (2012) සිංහල උපසිරැසි” Cocktail.(2012).Sinhala.Subtitle.rar – Downloaded 326 times – 88 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram