spot_img
spot_img

Cold Pursuit (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම නිසා මේකට වැඩි ආකර්ෂණයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මැර කණ්ඩායම් ගැන, ඔවුනට සිදුවන වැරදිම් ගැන, මේකෙදී හොඳට කතා කරනවා.

මේ කතාව නෝර්වේජියානු කතාවක අනුවාදනයක් විදියට තමයි ලියලා තියෙන්නේ. 2014 දී නෝර්වේ වල තිරගත කෙරුණු Kraftidioten කියන චිත්‍රපටිය තමයි මේකට මුල්වෙලා තියෙන්නේ. ඒ කතාව ලියලා තියෙන්නේ Kim Fupz Aakeson. හැබැයි ඉංග්‍රීසි කතාවේ තිර රචනය Frank Baldwin තමයි කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hans Petter Moland විසින්. රගපෑමෙන් දායක වෙනවා සුපිරි නළු Liam Neeson සමගින් Tom Bateman, Domenick Lombardozzi, Julia Jones සහ Tom Jackson ඇතුළු පිරිසක්.

Ratings ගැන කියනවා නම් IMDB 6.2, Rotten Tomatoes 69%, Google Users 74% මේකට කැමැත්ත දීලා තියෙනවා. හැමතැනම එක වගේ අගයන් තියෙන්නේ, මේක බලන හැමෝම වගේ කැමැත්ත දෙන නිසා වෙන්න ඇති.

කෙටියෙන් කතාව හැඳින්වුවොත්, නෙල්ස් කොක්ස්මන් කියන්නේ යහපත් චරිතයක් තියෙන හොඳ පුරවැසියෙක්. එයාගේ පුතා හදිසියේ මිය යනවා. හේතුව විදියට දක්වන්නේ මත්ද්‍රව්‍ය වැඩිපුර පානය කිරීම. හැබැයි නෙල්ස් හොඳටම දන්නවා, පුතා කුඩුකාරයෙක් නොවන බව. හදිසියේම පුතාගේ මරණයට වගකිවයුතු අය හොයාගන්න පොටක් පෑදෙන්නේ අහම්බෙන්. මේ පාර ඔස්සේ දිගටම යන නෙල්ස්ට මොකද වෙන්නේ? කොහොමද එයාගේ ඉදිරි ජීවිතය? කුඩු රජාලා සමඟ නෙල්ස්ට හැප්පෙන්න පුළුවන්ද? මේවා දැනගන්න දිගටම මේ චිත්‍රපටිය බලන්න වෙනවා. අන්තිම වෙනකල්ම බලන්න හිතෙන කතාවක්.සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Cold Pursuit (2019) සිංහල උපසිරැසි” Cold.Pursuit.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1981 times – 723 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram