spot_img
spot_img

Crakk (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Crakk (2024) Sinhala Subtitle

ටිකක් පමා උනත් ෆිල්ම් එක දෙන්න ඕනි කියලා හිතුන නිසා සබ් එක කරලා අරන් ආවා. මේකත් ඉතින් පවුලේ සැමට විදින්න පුලුවන් හොද ඇක්ෂන් එහෙම අඩුවක් නැතුව තියන චිත්‍රපටියක්. තෙලෙගු මලයාලාම් දෙමළ චිත්‍රපටි කොච්චර ආවාත් හින්දි ෆිල්ම් වල තියන ඒ අමුතුම ගතිය දැනෙන්න නම් හින්දි චිත්‍රපටියක් බලන්නම ඕනි. ඉතින් පහුගිය පාරත් එකක් දුන්නා තව චිත්‍රපටියක් අරන් ආවා. ලගදි ආපු තව හින්දි දෙක තුනක්ම පුලු පුලුවන් විදියට අරන් එන්නම්..

මේ චිත්‍රපටිය ලියන්නේ වගේම අධ්‍යක්ෂණය කරන්නේ Aditya Datt විසින්. කලින් ආපු Commando 3 චිත්‍රපටියත් මොහුගේම අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්නේ වගේම ප්‍රධාන චරිතයට රඟපාන්නේ Vidyut Jammwal. මිට අමතරව Arjun Rampal Nora Fatehi හා Amy Jackson මෙහි අනික් චරිත වලට දායක වෙනවා.. මේ චිත්‍රපටිය ආදායම් අතින් නම් සාර්ථක උනේ නැහැ කෝටි 45කට ආසන්න ගානක් වියදම් කරලා හදපු මේ චිත්‍රපටිය හොයාගත්තේ කෝටි 17ක ගානක්. ඩිජිටල් රයිට්ස් හා ටිවි රයිට්ස් නිසා චිත්‍රපටියේ ආලාභය කොහොම හරි කවර් කරගත්තා.

කතාව ගැන කිව්වොත් මේධාන් කියලා පිටරට තරඟයක් තියනවා. මේකට ගන්නේ විවිධාකාර ස්ටන්ට් කරන අයව. මේක තරඟ වට තුනකින් සමන්විතයි තරඟකරුවෝ 32ක් විතර සහාභාගි වෙනවා මේකට විවිධ රට වලින්. කොහොම හරි අවසානයේ ඉතුරු වෙන්නේ එක තරඟ කරුවයි. එ් දිනින කෙනාට කෝටි 80ක මුදල් ත්‍යාගයක් හිමිවෙනවා. සිද්ධාර්ත්ගේ (විද්්‍යුත් ජම්වාල්) අයියාත් මේ තරඟයට සහාභාගි වෙනවා නමුත් ඔහු එකෙන් මිය යනවා. සිද්ධාර්ත්ගේ අධිෂ්ඨානය තමයි මේ තරගයට ගිහින් දිනලා අයියාගේ මරණයට ශාන්තියක් ඉටු කරන එක. කොහොම හරි සිද්ධාර්ත්ටත් මේ තරඟයට සහාභාගි වෙන්න කියලා ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ඔහු යනවා මේ තරඟයට එතැනින් පස්සේ තමයි කතාවේ හොදම ටික පටන් ගන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Crakk (2024) සිංහල උපසිරැසි” Crakk.(2024).Sinhala.Subtitle.rar – Downloaded 2873 times – 877 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram