spot_img
spot_img
More

    Day knight (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරං ආවෙ මගේ තුන් වෙනි දමිළ උපසිරැසිය….මේක Mystery | Thriller කියන ඝනයට තමයි අයත් වෙන්නෙ. ෆිල්ම් එක ගැන නම් ලොකුවට මුකුත් කියන්නෙ නෑ…මේ වගෙ ෆිල්ම් වල පොඩි දේකින් උනත් ස්පොයිල් වෙන්න පුලුවන්, මොකද එක කාරණේකින් කුතුහලය උපරිමෙන්ම ඇති කරන නිසා…මාත් බලනකොට එන විනෝදෙන් බලන් ගියා…ඒත් එක පාරටම *හික්* ගෑවුණා…

    කතාව ගැන චුට්ටක් කියන්නම්, ස්පොයිල් නොවෙන්න, කෙල්ලෙක් කසාදෙ අතර මග දාලා කොල්ල එක්ක කොල්ලගෙ ගෙදරට පැනලා එනවා…..ඔහොම ඉන්නකොට කොල්ලා අතින් කෙනෙක්ව හැප්පෙනවා, හැප්පුන කෙනා මැර කල්ලියකට අවශ්‍යම කරන කෙනෙක්…***මේ ලෝකෙ වෙන දේවල් දෙවියන් බලන් හිටිය හෝ නැතා සී.සී.ටී.වී නම් හැම නිතරම බලාගෙනම ඉන්නවා*** ආන් ඒ මාර්ගෙන් මැරයො ටිකත් දැනගන්නවා හැප්පුවෙ කවුද කියලා…….ඔහොම ඉන්නකොට මැරයො ටික මෙයාව උස්සලා අහනවා හැප්පුන කෙනා කෝ? කියකා….මොකද හැප්පුන කෙනා සල්ලි වගයක් හොරකම් කරන් යමින් ඉදලා තියෙන්නෙ……

    මැර කල්ලිය ගැන කියනවනම්, සාමාජිකයො හතරයි…සූටින් මාටින් එකේ ජෝන්ගෙ සෙට් එක වගේ හෙන ආතල් දෙන්නෙ…ආතල් වගේ නෙවෙයි බලන්නකො…උන්ගෙන් එකෙක් ගොළුයි, කියන දේ ඇහෙනවා…අනිත් එකා කතා කරනවා ඒත් කන් ඇහෙන්නෙ නෑ…තව කෙල්ලෙක් ඉන්නව කෙල්ල විදේශීය කෙනෙක් දෙමළ බෑ….ඉතිං තරම හිතාගන්නකො..මුන්ව මෙල්ල කරන හැටි මැර ලොක්කා..

    ඉතිං කතාව නම් ඕක නෙවෙයි, මං කතාවෙ සිද්දිය කියන්නෙම නෑ…විනාඩි 45ක් බලන්නකො, මොකද වෙන්නෙ කියලා, ඒ වෙනකම් හොදට විනෝදෙන් බලාන යන්න පුලුවන්….පැය 1 විනාඩි 53ක් වගේ කාලයක් පුරාවට, අවසානය වෙනකම් බලන්න වෙන හොද අභිරහස් චිත්‍රපටයක් තමයි මේ……

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” DAY-KNIGHT-2020-Sinhala.Subtitle.rar – Downloaded 2582 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

     

     

     

     

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram