spot_img
spot_img

Doctor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමදෙනෙක්ම එනකම් ඇඟිලි ගැන ගැන හිටපු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි මේ යළිත් ගොඩවුනේ.ඒ තමයි සිවකාර්තිකේයියන් සහ ප්‍රියංකා මෝහන් රංඟනයෙන් දායක වන, අනිරුද් විසින් සංගීතය මුසු කරන, -DOCTOR- නම් චිත්‍රපටය.. විනෙයි, යෝගී බාබූ ඇතුළු තවත් පිරිසක් මෙහි රංඟනයෙන් දායක වනවා.

කෝටි සියය ඉක්මවූ ආදායමක් ලබාගත් මේ ජනප්‍රිය චිත්‍රපටය මාසයක් යන්නත් මත්තෙන් මෙලෙසින් HD පිටපතක් නිකුත් වුනා… මේක මුලින් ott දෙන්න ඉදලා පසුව ආයෙම තියටර් දැම්මා. විශේෂෙන්ම කියන්න තියෙන්නේ මේක Mystery/Thriller ශාරනයේ චිත්‍රපටයක් වුනත්, මට අනුව මේක ඩීසන්ට් කොමෙඩියක්. ඔයාලම බලන්නකො…

කථාව ගත්තම ලස්සනට බෙදාගෙන තියෙනවා. වෙනද වගේ චිත්‍රපටය පුරාම සිංදු නෑ..පැය දෙක හමාරක් දිවෙන මේ චිත්‍රපටයේ පළවෙනි පැය භාගෙ ඇතුලේ එක ළගම වගේ සිංදු 2කක්ම දාලා තියෙනව.ඒ කියන්නේ ඔයාලට කථාව තමයි වැඩි හරියක් තියෙන්නේ. ආයෙ එන්ඩින් එකේ සිංදුවක් තියෙනවා. ආසාවෙන්ම බලන්න ඉන්න සිංදුව ආරම්භයේදීම දීලා තියෙනවා.

ඩොක්ටර් කවුද කියලා දන්නවනේ… ඉතිං අපෙ ඩොකාගෙ නම වරුන්.. පොර හිනාවක් මුකුත් එහෙම වැඩිය නෑ..ඩීසන්ට් එකේ ඉන්න පොරක්.. ඩොක්ටර් කසාදෙ බලන්න ගිය තැනින් මං අරඹන්නම්.. මනමාලි තමයි අපෙ නිලිය ප්‍රියංකා.. කොහොම වුනත් කෙල්ල වරුන් ට කැමති වෙන්නෙ නෑ.. හේතුව????? ඔයාලම බලන්න.. ඩොකා මොන වගේද කියලා තේරෙයි.. ඔහොම කතාව යද්දි, මේ මනමාලිගෙ ගෙදර, බාල දුව ස්කෝලෙ ගියත් ආයෙම ගෙදර ආවෙ නෑ. ස්කොලේවත් කොහෙවත් හොයාගන්නත් නැතිවෙනවා. හැමෝම කලබල වෙන්න ගන්නවා.. පස්සෙ ඩොක්ටර් එක්කම හැම තැනකටම යනවා, පොළීසි, පාසල්.. කොහෙන්වත් වැඩක් නම් වෙන්නෙ නෑ..

අවසානෙ ඩොකා ස්වයං සැලැස්මකට යනවා… මේ ළමයව බේරගන්න කියලා. මේ අතරෙ පොළීසියෙනුත් කෙනෙක්
පත් කරනවා, ගෙදරට කප්පම් ඉල්ලලා, තර්ජනේ කරලා එහෙම කෝල් ආවොත් ට්‍රැක් කරන්න කියලා. පොර තමා පොර.හොරා පොළිස් තමා. යෝගි බාබු ඉන්නෙ කිඩ්නැපර් කෙනෙක්ට.. ඉතිං මුලින්ම ඩොකා පාසල අවට හිටපු කිඩ්නැපර්ලා සෙට් එකක් පොළිස් කාරයගෙ උදව් ඇතිව හොයන්, වකුගඩු ගලෝනවා.. ගැම්මක් තමයි.. ගලවලා තමයි කථාව පටන් ගන්නේ. අවසානෙ ඒකත් පැහැදිලි කරනවා.

ඉතිං දැනගන්න ලැබෙනවා ළමයට මොනාද වුනේ කියලා… දැන් මේ පවුලෙ අයයි, පොළිස් කාරයයි, යෝගියයි..
සෙට් එකම බහිනවා ළමයා බේරගැනීමේ මෙහෙයුමට.. බේරගනියිද මොනව වෙයිද කියලා ඔයාලම බලන්නකො..

මේ චිත්‍රපටයේ (RPG) ක්ලයිමැක්ස් සීන් එකත් කොමඩියක් විදියටම ගත්තනම්, අවුලක් වෙන්නෙ නැහැ ඉතිං.සීරියස් තැණක් නම් ඇති වෙන්න දෙන්නෙම නෑ.. එහෙව් කොමඩි තියෙන්නේ. තනි වචනෙන් හිනස්සනවා. BGM ගැන නම් අහන්න දෙයක් නෑ.. ඩාම් ඩූම් වෙන්නම තියෙනවා. මරු මරු චරිත සෙට් එකක්ම මේකෙ ඉන්නවා.සිංදු තුනම ඉතිං සුපුරුදු පරිදිම උපසිරැසියෙන් වර්ණවත් කරලා තියෙන්නේ. එහෙනම් පවුලේ සැම එක්කම බලන්න පුළුවන් මේක… “රොමෑන්ස්” නම් නෑ මේකේ.. එහෙනම් බය නැතුව හැමෝම එක්ක සාලෙ ඉදන් දාන් බලන ගමන් හිනාවෙන්නෝ… එහෙනම් අපි කැපුණා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Doctor (2021) සිංහල උපසිරැසි” Doctor.(2021).Sinhala.Subtitle.rar – Downloaded 17391 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram