today-is-a-good-day
More

    Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Doctor Strange in the Multiverse of Madness (2022) තවත් Marvels කට්ටියගේ චිත්‍රපටියක්. අන්තිම Spider Man චිත්‍රපටියේ තියෙන බහුවිශ්ව සංකල්පය, තවත් ඉදිරියට ගෙන යාමක් විදියට මේක දකින්න පුළුවන්. මේ දවස්වල මාවෙල්ස් කට්ටිය එයාලාගේ චරිත ටික වෙනස් මාන වලට යොමුකරන බවක් දකින්න තියෙනවා. බලමු එයාලාගේ අනාගත සැලැස්ම මොකක්ද කියලා.

    මේ චිත්‍රපටිය ගොඩාක් සාර්ථක වුණා කියන්න පුළුවන්. ආදායම අතිනුත් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 200ක් පමණ වුනත්, ආදායම ඩොලර් මිලියන 950 ඉක්මවලා තියෙනවා. ඒ තරම්ම මේක ජනප්‍රිය වෙලා. රේටිං අතිනුත් එහෙමමයි. මේ ලිපිය ලියන වෙල‍ාවේ IMDB 7.1, RottenTomatoes 74%, Metacritic 60%, Google Users 82% මනාපය පල කරලා තියෙනවා.

    Marvel Comics පදක කරගෙන Michael Waldron විසින් තිර රචනය කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කලේ Sam Raimi විසින්. Marvel Studios නිෂ්පාදනය කලත් Walt Disney Studios සහ Motion Pictures මගිනුයි මේක බෙදාහැරුනේ. රඟපෑම සඳහා අපිට හුරුපුරුදු චරිත කිහිපයක්ම යොදාගෙන තියෙනවා. Benedict Cumberbatch (දොස්තර ස්ටීවන් ස්ට්‍රේන්ජ්), Elizabeth Olsen (වන්ඩා මැක්සිමෝෆ්), Xochitl Gomez (ඇමරිකා චාවේස්), Benedict Wong (වොන්ග්) ඇතුළු නලු නිලියන් පිරිසක්.

    කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. Spider-Man No Way Home චිත්‍රපටියේදී දොස්තර ස්ට්‍රේන්ජ් විසින් අත්වැරදීමකින් තහනම් මන්තරයක් පාවිච්චිය නිසා බහු විශ්ව ද්වාරයක් විවෘත වෙනවා. ඒ සිද්ධියේ ඉදිරි සිදුවීමක් විදියට, ඇමරිකා චාවේස් කියන තරුණ කාන්තාවක් වෙනත් විශ්වයකින් පැමිනෙනවා. ඇයට හැකියාවක් තියෙනවා, විශ්ව හරහා ගමන් කරන්න. මේ බලය ලබා ගන්න උත්සාහ කරන යක්ෂයෙක් ඇයගේ පිටුපසින් පැමිණෙනවා. මේ අර්බුධ විසඳගන්නේ කොහොමද? ස්ට්‍රේන්ජ් අනිත් විශ්ව සමඟ ගණුදෙනු කරන්නේ කොහොමද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිතපටිය රසවිඳින්න. ජයවේවා!!

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Doctor Strange in the Multiverse of Madness (2022) සිංහල උපසිරැසි” Doctor.Strange.in.the.Multiverse.of.Madness.(2022).Sinhala.Subtitle.rar – Downloaded 7481 times – 732 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Shanuka Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram