More

    Extra Ordinary Man (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    Extra Ordinary Man (2023) Sinhala Subtitle

     

    තෙළුඟු සිනමාවේ දැවැන්තයින් වෙන අල්ලු අර්ජුන්, රාම් චරන්, එන්ටී ආර්, රවී තේජා ඇතුළු තවත් විශාල පිරිසකට තිර රචනයෙන් දායක වුනු Vakkantham Vamsi ගෙ නවතම චිත්‍රපටය වන Extra Ordinary Man (2023) චිත්‍රපටයට Sinhala Subtitle එකක් අරගෙනයි මේ ආවේ.

    Nithin, Sreeleela, Rao Ramesh, Sudev Nair ප්‍රධාන රංඟනයෙ දායක වෙන මේ චිත්‍රපටය සඳහා 7.3ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය ඔයාලට පෝස්ටර් වලින් දැක්කම ෆුල් ඇක්ශන් , රොමෑන්ස් එකක් වගේම, ට්‍රේලර් එක බැලුවම මොන ගොන් ගොඩක්ද වගේ හැඟීමක් අනිවාරෙන්ම එයි. මොකද මටත් එහෙම ආවා. ඒ නිසා නොබලන්න ඉදලා ඒත් බැලුවා. බැලුවම තමයි තේරුනෙ මේක මරු ආතල් ෆුල්ම කොමෙඩි ෆිල්ම් එකක් කියලා. ඉන්දියන් සිනමාවේ බොහෝ හාස්‍ය උත්පාදක චරිත මේ වෙනකොට හාස්‍ය උත්පාදනයට අසමත් වෙන කොට, දැන් චිත්‍රපට වල ප්‍රධාන නළුවම ඒ රාජකාරිය හරි අපූරුවට කරනවා. ඒකෙ ක්‍රිඩිට් එක අනිවාරෙන්ම මේ දෙබස් රචනා කල අයට හිමි වෙන්න ඕනේ.

    අද චුට්ටක් උපසිරැසිය පරක්කු වුනේ ඇත්තටම සින්ක් කරන්න තරම් කාලයක්වත් අපිට අද නොලැබුනු නිසා වගේම, මගේ මෝඩ වැඩක් නිසාවෙනුයි.

    එහෙනම් කථාව ගැන බැලුවොත්, මේකෙ ඉන්නවා අභී කියලා කොල්ලෙක්. පොරට පොඩි කාලෙ ඉදන්ම හෙන ඇම්මක්,උනක් තියෙනවා නළුවෙක් වෙන්න. ඉතිං මොහුට ලැබෙන්නෙම පසුබිම් චරිත.. ඒ කියන්නෙ කාටවත්ම තිරයෙදි එක හෙලා නොපෙනෙන තැන් වල ඉන්න චරිත තමයි ලැබෙන්නේ. ඒත් මොහුට ඒකෙ ගානකුත් නෑ. මොකද මූ ඇවිල්ලා දෙපැත්තටම නැති චරිතයක්. ලැජ්ජාවක් කියන දෙයක් එහෙම ගෑවිලවත් නෑ. ජීවිතේම ගෝ බැක් තමයි.

    ඉතිං අභීගෙ තාත්තා මේවට විරුද්ධයි. ගෙදර ලොකු පුතා නිකමෙක් වගේ ෆිල්ම් කෑළි වල රඟ පපා ජීවිතෙ නාස්ති කරගන්න නිසා. තාත්තත් ඉතිං මේ පුතා වගේම හෙන දඩබ්බරයා තමා.. මරු ආතල් දෙන්නේ. තකට තක තමයි. ඔහොම ඉද්දි තමයි ලිකිතා කියලා පෝසත් පවුලක් කෙල්ලෙක් අභීට හම්බවෙලා, පොරට එයාගෙ සමාගමෙන් ලොකු රස්සාවක් ලැබෙන්නේ. ඉතිං පොරත් රංඟන ජීවිතේ අතෑරල ඔහොම රස්සාව කරගෙන යනකොට තමයි නොහිතපු විදියට චිත්‍රපටයක ප්‍රධාන නළු චරිතෙට ආරාධනාවක් ලැබෙන්නේ. ඉතිං මේ ලැබෙන චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එකත් හෙන ගැම්මට මයිල් කෙලින් වෙන්න තියෙන ඇක්ශන් පැක් එකක්.

    ඉතිං අභීට සිද්ධ වෙනවා තීරණේ කරන්න, පවුල වෙනුවෙන් මේ ලක්ෂ 4ක පඩියක් ලැබෙන රස්සාවද, නැත්නම් ප්‍රධාන නළු චරිතයද කියලා තෝරගැනීමක් කරන්න. ඉතිං මොහු කුමක් ඔස්සෙ යයිද කියලා දැනගන්න නම් මේ විනෝදකාමී චිත්‍රපටය බලන්නම වෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති  HD WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Extra Ordinary Man (2023) සිංහල උපසිරැසි” Extra.Ordinary.Man.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3739 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram