spot_img
spot_img

F9 The Fast Saga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අරන් ආවේ කාලයක් තිස්සේ කවුරුත් බලාගෙන හිටපු චිත්‍ර‍පටියක්. මේක තිරඟත වෙන්න නියමිත වෙලා නම් තිබ්බේ පසුගිය වසරේ.. නමුත් කොවිඩ් නිසා සිනමාශාලා වසා දැමිමට සිදුවිම නිසා මේක මේ වසරට කල් ගියා.. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍ර‍පටි මාලාව නම් නොබලපු කෙනෙක් නැති තරම්.. මමත් මුලින්ම ටොකියෝ ඩ්‍රීෆ්ට් එකෙන් තමා මේක බලන්න නම් පටන් ගත්තේ. කොහොමත් මේ චිත්‍ර‍පටි මාලාවේ එක දෙක හා තුන බලද්දි එකිනෙකට සම්බන්ධ ගතියක් පෙනුනේ නැති උනත් හතර වැනි හා පස්වැනි චිත්‍ර‍පටි වලින් මේ චිත්‍ර‍පටි දාමයම එකිනෙකට එකක් සම්බන්ධ කරවනවා. අපි ඔයාලාට මේ චිත්‍ර‍පටි පෙළම දිලා තියනවා (මේ වෙන කොට පරණ ෆිල්ම් අප්ලොඩ් කරගෙන යන නිසා ඉක්මනින් සේරම ගන්න පුලුවන් වේවි) ඇත්තම කිව්වොත් මේක නොබලපු කෙනෙක් නැති තරම් නේ…

මේ චිත්‍ර‍පටියේ පරණ හැම චරිතයක්ම ආපහු එනවා. ට්‍රේලර් එක බැලුවා නම් ඒක දකින්න ඇති. අවසනාවට පොල් වොකර්ගේ මිය යාමත් එක්ක හිස් උන බ්‍ර‍යන් ගේ චරිතය පමණයි දැන් මේ චිත්‍ර‍පටියේ අඩුවකට තියෙන්නේ. කොහොමත් ඔහුගේ අඩුව මේ චිත්‍ර‍පටි පෙල පුරාවටම දකින්නත් පුලුවන්…

අද චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්…ඩොම් දැන් තමන්ගේ පුංචි පුතා හා ලේටි එක්ක ඇත පලාතක ජිවත්වෙනවා හැමොගෙන්ම ඇත් වෙලා.. මේ අර වෙලාවේදි තමයි ටේජ්,රෝමන් හා රැම්සේ මොවුන්ව මුණ ගැහෙන්න එන්නේ.. ඒ මිස්ටර් නෝබඩි ගමන් ගත්තු ගුවන් යානාවට ප්‍ර‍හාරයක් එල්ලවෙලා කඩා වැටිලා තියනවා කියලා පණිවිඩක් අරන්. මේ යානාවේ රහසිගත දෙයකුත් ප්‍ර‍වාහනය කරලා තියනවා ඒක හොයා ගන්න මොවුන්ට ආපහු එකතු වෙන්න කියලා අර නෝබඩි කියන පුද්ගලයා පණිවිඩයක් තියලා තියනවා.. මුලින් ඩොම් මේකට අකමැති උනත් පස්සේ මේ පිරිස එක්ක ගුවන් යානාව කඩා වැටුන තැනට යනවා අර රහසිගත දේ සොයාගන්න. ඔවුන්ට මේක ලැබුනාත් ඒ වෙලාවේ නොසිතු විරු කෙනෙක් එතැනට ඇවිල්ලා ඒක පැහැරගන්නවා. ඒ කවුරුත් නෙමෙයි ජේකබ්.. ඩොම්ගේ සහෝදරයා. දැන් ඩොම්ට කොහොමද සහෝදරයෙක් එක පාරටම ආවේ? මෙච්චර කල් ඔහු කොහේද හිටියේ? ඇයි ජේකබ් ඩොම්ට විරුද්ධව වැඩ කරන්නේ.. ඔය ප්‍ර‍ශ්න වලට උත්තර හැම එකක්ම චිත්‍ර‍පටියේ තියනවා එහෙනම් අරන් බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභ දවසක් ඔබට!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “F9 The Fast Saga (2021) සිංහල උපසිරැසි” F9.(2021).Sinhala.Subtitle.rar – Downloaded 16465 times – 967 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ප්‍රමෝද් ඉන්දුනිත්
pramod@zoom.lk | + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram