spot_img

Freaks Youre One of Us (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ තවත් 2020 අවුරුද්දේ නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන සුපිරිම චිත්‍ර‍පටියක්. කට්ටිය දන්නවානේ නෙට්ෆිලික්ස් එකෙන් දාන්නේ හොදම එවා තමයි කියලා. මේක ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් නම් නෙමෙයි. ජර්මන් චිත්‍ර‍පටියක්. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක හරියට X MAN චිත්‍ර‍පටියේ ඉන්න අය ගැනම හදපු ජර්මන් කතාවක් වගේ. එක්ස් මැන් චිත්‍ර‍පටි මාලාව බැලුවා නම් දන්නවා ඇති නේ. විවිධාකාර බලයන් තියන අය ඉන්නවා නමුත් මේ අය සමාජෙන් හැංගිලා ඉන්නේ කියලා. මේ කතාවත් එහෙම පිරිසක් ගැනයි.

වෙන්ඩි පුංචි කාලේදිම තමයි ඇයට මේ වගේ අසාමන්‍ය බලයක් තියනවා කියලා දැනගන්නේ. ඒ කාලේම ඇයව පුනුරුත්තාපනය කරනවා.. කොහොම හරි කාලය ගෙවිලා ගිහින් වෙන්ඩි දැන් කසාද බැදලා දරුවෙකුත් ඉන්න මවක්. ඇය වැඩ කරන්නේ ආපන ශාලාවක. මේ ආපන ශාලාවෙන් එලියේ පුද්ගලයෙක් රැදි ඉන්නවා. දවසක් මේ මනුස්සයා වෙන්ඩි ගාවට ඇවිල්ලා කියනවා. ”ඔයත් අපි වගේම කෙනෙක්” කියලා. වෙන්ඩි මේ ගැන වැඩිය හිතන්නේ නැහැ. කොහොම හරි ආපහු ඒ මනුස්සයා ඇය පස්සෙන් ඇවිල්ලා කියනවා. ඔයාට අසමාන්‍ය බලයක් තියනවා. ඔයා ඒක ගැන අමතක කරලා කියලා.. පොඩි කාලේ ඇයට බලයක් තිබුනා කියලා වෙන්ඩිට වැඩි මතකයක් එන්නේ නැහැ. කොහොම හරි මේ මනුස්සයා කියනවා ඔයාට පොඩි කාලේ ඉදන් නිල්පාට පෙති වගයක් ගන්න දිලා ඇති. එවා ගන්න එක නවත්තලා බලන්න මොනාද වෙන්නේ කියලා. කොහොම හරි මේ අර මනුස්සයා කියපු පෙති වර්ගය වෙන්ඩි කුඩාකල ඉදන්ම නොකඩවා ගන්නවා. ඉතින් අර මනුස්සයා කියපු කාරණාව අහලා ඇය මේ පෙති ගන්න එක නතර කරනවා. හැබැයි ඇයට අර කිව්වා වගේ බලයක් නම් පෙන්නේ නැහැ. නමුත් දිනක් ඇය ආපන ශාලාවෙන් වැඩ හමාර කරලා රෑ වෙලා ගෙදර යන්න හදන කොට ඇයට කරදර කරන්න කිපදෙනෙක් එනවා. මේ අයගෙන් බේරෙන්න වෙන්ඩි දගලන කොට තමයි ඇයට තේරුම් යන්නේ මෙයාට අසිමිත බලයක් තියනවා කියලා.. මෙහෙම අසිමිත බලයන් සහිත අය නගරය පුරා හැංගිලා සැහෙන්නම ඉන්නවා. කොහොම හරි ඔවුන් මේ සිදුවිම නිසා වෙන්ඩි ගැනත් දැනගන්නවා. එතැනින් එහාට කතාව මොන පැත්තට යාවිද කියලා අරන්ම බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. x men වගේනම් අනිවාර්යයෙන්ම බලනවා බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. ඇයි දැන් ඉස්සර වගේ zoom 1 sub watenna ගොඩක් parakku 1 film 1 ta sub karala dawas කිහිපයක් yanawa අලුතින් film 1 ta sub karala danna covid 19 නිසා ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram