spot_img
spot_img
More

    #Friend But Married (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න මේ පාර මම අරගෙන ආවේ ඉන්දුනීසියාවේ චිත්‍රපටියක්. මම ආසාවෙන් වෙනත් භාෂා වල චිත්‍රපටි බලනකොට, ඒවාට කැමති කෙනෙක් තමයි මේක ගැන කිව්වේ.නමින්ම තේරෙනවානේ මොන වගේ කතාවක්ද කියලා. හැබැයි, මේක ආදර කතාවක්. අපි ගොඩාක් දෙනාගේ හිත් වල තියෙන ආදර කතාවට සමානයි කියලා මට හිතෙන්නේ. ඒ නිසා ආසාවෙන් බැලුවා මේක. උපසිරැසි නිර්මාණයත් ටිකක් අමාරුවෙන් වුනත් පුළුවන් තරම් හොදට කලා කියලා හිතෙනවා. බලන ඔයාලාට තමයි වැරදි අඩුපාඩු කියන්න වෙන්නේ.

    මේක ටිකක් පරණ චිත්‍රපටියක්. 2018 මාර්තු මාසේ තමයි ඉන්දුනීසියාවේදී තිරගත වෙන්නේ. හැබැයි, මට මේක ගැන දැනගන්න ලැබුනේ මේකෙම දෙවෙනි කොටස මේ අවුරුද්දේ එලියට දාපු නිසා. මීට වඩා දෙවෙනි එක ජනප්‍රිය වුනා. හැබැයි, මේ කොටසට ගොඩාක් දේවල් සම්බන්ධ නිසා තමයි ඉස්සෙල්ලා මේක පරිවර්තනය කරන්න හිතුවේ. තව ටික දවසකින් දෙවෙනි එකත් හදලා දෙන්නම්. Rako Prijanto තමයි මේකේ අධ්‍යක්ෂක. ගොඩාක් චිත්‍රපටි කරපු කෙනෙක්. සම්මාන ගොඩාක් අරගත්ත අධ්‍යක්ෂකවරයෙක් තමයි මෙයා. මේ චිත්‍රපටියත් කතාවට කිසිම අසාධාරණයක් නොවෙන්න කරලා තියෙනවා. රගපාන රංගන ශිල්පීන් ඔක්කෝම තරුණ වීමත් ඒකට එක හේතුවක් වෙන්න ඇති. Adipati Dolken, Vanesha Prescilla සහ Denira Wiraguna තමයි ප්‍රධානම චරිත රගපාන්නේ. මීට අමතරව සහාය චරිත සියල්ලම තරුණ අය කරන්නේ.

    කතාව: ආයු සහ ඩිටෝ පොඩි කාලේ ඉදලාම හොඳම යාළුවෝ. කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොඳම යාළුවෝ වෙන්න බෑ කියලා කියනවානේ. හැබැයි ආයු හිතන්නේ යාලුකම විතරයි. මොනවා වුනත් අපේ ඩිටෝ කොල්ලා, කෙල්ලව දැකපු වෙලාවේ ඉදලාම එයාට ආදරේ කරනවා. එයා නිසා නොකරන දෙයක් නෑ. මේ ආදරේ කියන්න එන දවසේ, ආයු ට මෙයාට කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ වෙන කොල්ලෙක් ගැන. අපේ ඩිටෝට මොකද වෙන්නේ? එයාගේ ආදරේ ට? ආදරේ කියාගන්න පුළුවන් වෙයිද? මේවා දැන ගන්න කුතුහලය තියාගෙන මේ චිත්‍රපටිය බලන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “FriendButMarried (2018) සිංහල උපසිරැසි” FriendButMarried.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1002 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් වගේ අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram