today-is-a-good-day
More

    Gehraiyaan (2017) S01 සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Vikram Bhatt කිව්වහම කවුද නොදන්නෙ? හොරර් චිත්‍රපට කාණ්ඩයේ බොලිවුඩ් චිත්‍රපට බලන කෙනෙක් නම් ඔහුව නොදැන ඉන්න විදිහක් නෑ.ඉතා ජනප්‍රිය හොරර් ගණයේ චිත්‍රපට ගණනාවක්ම ඔහු අතින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.අද අරගෙන ආපු Gehraiyaan නම් වෙබ් සීරිස් එකත් ඔහුගේ නිර්මාණයක්.ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් ගූගල් මනාප 96% ක ප්‍රතිශතයක් එක්ක 7.2/10 ක IMDb අගයක් ගත් මෙය Sidhant Sachdev විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.Viu India යටතේ බෙදාහැරීම් කටයුතු කල මෙය විනාඩි 22කින් යුත් කොටස් 10කින් සමන්විත වෙනවා.හොරර් කාණ්ඩය නියෝජනය කරන පළමු වෙබ් සීරීස් එක වෙන්නෙත් මේක තමයි.රංගනය සඳහා 2014 වසරේ Star Plus නාලිකාව හරහා විකාශය වුන Ek Hasina Thi රූපවාහිනි කතාමාලාව සඳහා රංගනයෙන් දායක වුණ සුරූපි නිළි Sanjeeda Sheikh සමඟින් Vatsal Sheth එකතු වී තිබෙනවා.Vatsal Sheth වත් ඔයාලා දැක තිබෙනවා සැකයක් නෑ.මොකද ඔහු රූපවාහීනි කතාමාලාවල වගේම චිත්‍රපට වලත් රංගයෙන් එකතු වෙන කෙනෙක්.ඔහුව මං ඔහුව මුලින්ම දැක්කේ Taarzan:The Wonder Car චිත්‍රපටයෙන්.ඒවගේම හිරු නාලිකාව තුලින් Ek Hasina Thi කතාමාලාව සිංහල හඩකවා “සුළඟ වගේ ඇවිදින්” ලෙස විකාශය වුනා ඔයාලට මතක් ඇතිනේ.ඒ වගේම ඒකේ සිංහල තේමා ගීතයත් ජනප්‍රියත්වයට පත් වුනා.Gehraiyaan කතාවෙත් ලස්සන ගීතයක් අඩංගු වෙනවා, ඒකටත් සිංහල උපසිරැසි ගන්වලා තමයි තියෙන්නේ. අප උපසිරැසි කණ්ඩායමේ ලහිරු උදයංග,අශේන් කවිඳු,හිමාෂ් තිලකරත්න,නවීන් රන්දික පෙරේරා යන සහොදරයන්ගේ දායකත්වයෙන් තමයි මේකට උපසිරැසි ගෙනාවේ.ඔවුන්ට ස්තූතිය හිමි විය යුතුයි.

    කතාව පැත්තට හැරුනොත් බෙන්ගලූරු වල අධිවේගි මාර්ගයේ යම් ව්‍යාපෘතියක සේවකයන් විසින් ක්‍රේනයක් ආධාර කරගෙන ගහක් උගුල්ලල දාන්න හදනකොට ඒ ගහේ තිබිලා මළ සිරුරක් හම්බවෙනවා. ඒ සිරුර රෝහලට අරගෙන ගිහින් මරණ පරීක්ෂණ වාර්ථාව අරගෙන බැලුවහම ඒ මළ සිරුර අවුරුද්දක් විතර පරණ එකක් වගේම සිරුර හදුනාගන්න බැරි තත්වයේ තමයි තියෙන්නෙ.ඒ නිසා ඒ සිරුර කාගෙ කවුද කියලා කිසිවක් හොයාගන්න වෙන්නෙ නෑ.මේ රෝහලට ගෙනා ඒ නාදුනන මළ සිරුරු එදින රාත්‍රියේදීම අතුරුදහන් වෙනවා.

    අනෙක් පසෙන් දක්ෂ ශල්‍යකර්ම වෛද්‍යවරියක් වන රෙයිනා කපූර් යම් PTSD තත්වයකින් පසු නැවත ශල්‍යකර්ම වලට පිවිසීමට සුදුසු දැයි බැලීමට ඇගයීමක් සඳහා යෙදී සිටිනවා.මේ ඇගයීම කරන්න යද්දීම විදුලිය හදිසියේ ඇණ හිටින නිසා මේ ඇගයීම කරගන්න බැරිව යනවා.ඇගයීම සතියකින් පස්සට යනවා.මේ නිසා හිතේ අමාරුවෙන් රෙයිනා තමන් නැවතිලා ඉන්න අපාර්ට්මන්ට් එකට යනවා.ලිෆ්ට් එකේ ඉන්දැද්දි ඇයට දැනෙනවා කවුරුන් හෝ කෙනෙක් ලිෆ්ට් එකේ ඉන්නවා වගෙ හැඟීමක්.එදා පටන් අමුතු අමුතු දේවල් එයාට පේන්න වගේම වෙන්න ගන්නවා.PTSD තත්වය ට ඇය බෙහෙත් ගන්න නිසාම ඇය හිතන්නෙ මේ දේවල් බෙහෙත් වල අතුරු ප්‍රතිඵල හින්දා වෙන දෙයක් කියලයි.

    මේ මළ සිරුර කාගෙද? මළ සිරුරක් එහෙම අතුරුදහන් වෙන්න පුලුවන්ද? දක්ෂ ශල්‍යකර්ම වෛද්‍යවරියක් වන රෙයිනා කපූර්ට ස්කැල්පල් එක අතට ගත්තහම තිගැස්මක් ඒමට පවා තුඩු දුන් හේතුව මොකක්ද? ඇයගේ PTSD තත්වයට මඟ පෑදූ අතීත සිදුවීම මොකක්ද? ඇයට පේන අමුතු දේවල් ඇත්ත සිදුවීම් ද නැත්නම් හිතෙන් මවාගත්තුවද? කියලා දැනගන්න කැමති නම් ත්‍රාසය වගේම භීතිය පිරි Gehraiyaan බලන්න.

    මේක බලනකොට උපරිම රසවින්දනය සඳහා Headphone පාවිච්චි කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි.ඒ වගේම කියන්න තියෙන්නෙ හදිසි කම්පන හෝ තිගැස්සීම් දරාගන්න බැරි අයට බලන්න එපා කියල තමයි.ඒවගේම පොඩි සරාගී දර්ශනයක් හින්දා මේක පොඩි හිටියන්ට සුදුසු එකක් නෙවෙයි.කම්මැලි නැතුව එක දිගට හොද හොරර්,ත්‍රිලර් ටයිප් එකේ කතා මාලාවක් බලන්න කැමති අයට බලන්න ආරාධනා කරනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස් 10ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “සිංහල උපසිරැසි” Gehraiyaan.2017.Sinhala.subtitle.rar – Downloaded 816 times – 76 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ස්තුති sub එකට, ඒවගේම අලුත් වැඩේට සුපිරියට තියෙනවා. සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. 👉😎👍💪

    2. ස්තූතියි සබ් එකට සහෝ..සුබ පතනව..ජයෙන් ජයම වේවා…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram