spot_img
spot_img
More

    Ghost in the Shell (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුපුරුදු විදියටම සුපිරිම චිත්‍රපටයක් අරගෙන තමයි ආවෙ. BR පිටපතක් ඇවිත් නම් වැඩි කාලයක් නෑ. අනිත් පිටපතකින් බලන්න හිටපු අයට නම් ටිකක් ප්‍රමාද ඇති. දර්ශන අයියා කිව්වම මේකට තාම සබ් එක දීලා නෑ සබ් එක කරමුද කියලා. බාරගෙන පුළුවන් ඉක්මනට අරගෙන ආවා. ඉංග්‍රීසි උපසිරසෙ මේකේ වීඩියෝ පිටපතේ තියන දෙබස් වලට උපසිරස තිබුණේ නෑ ඒවත් වෙනම හදලා සම්පූර්ණ උපසිරසක්ම අරගෙන ආවා. ගොඩක් සංකීර්ණ තාක්ෂණික වචන තියන හින්දා ටිකක් වෙලා ගියා. මොකද ඒවා සාමාන්‍ය විදියට තේරෙන විදියටත් අර්ථයට හානියක් නොවෙන්නත් පරිවර්තනය කරන්න අවශ්‍ය නිසා. zoom දැනට දීලා නැති මේ වගේ හොඳ චිත්‍රපටි ටිකටත් ඉක්මනටම උපසිරසි අරගෙන එන්න තමයි බලාපොරොත්තුව. එහෙනං චිත්‍රපටියට යමු.

    අපිට වර්තමානයේත් දකින්න ලැබෙනවා අත් කකුල් නැති අයට කෘතිමව නිර්මාණය කරපු අත් කකුල් බද්ධ කරනවා. අපේ මොළය තමයි අපේ ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ඒකේ තමයි අපේ ආත්මය තියෙන්නේ. හිතන්න මේ ආත්මය එක්ක තියන අපේ මොළය සම්පූර්ණ කෘතිම ශරීරයකට බද්ධ කරන්න පුළුවන් නම් කොහොම වෙයිද යුධමය පැත්තට මේක යොදාගන්න තියන හැකියාව ඇරුනම ඒක අපූරු දෙයක්වෙයි. විශේෂයෙන්ම ආබාධිත අයට, අනතුරු වලින් ශරීරය විනාශවෙලා මොළය ක්‍රියාකාරීව තියන අයට එහෙම ඒක ගොඩක් වටිනා දෙයක්වෙයි. අනතුරක් වුනත් ගිහින් ඇඟ රෙපෙයාර් කරගන්න විතරයි තියෙන්නේ. මේ චිත්‍රපටයෙත් තියෙන්නේ ඒවගේ කතාවක් ඒකයි මම ඒ දේවල් කිව්වේ.

    මාවල් සිනමා විශ්වයෙන් බ්ලැක් විඩෝව් විදියට ගොඩක් අය අදුනගත්ත Scarlett Johansson තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. එයාගේ ඇක්ෂන් නම් ඉතින් සුපිරිනේ ඉතින්. 6.6ක IMDB අගයක් අරගෙන තියනවා. විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම (මගේ කැමතිම) කාණ්ඩයට තමයි මේ චිත්‍රපටය අයිතිවෙන්නේ. නිශ්පාදන වියදම ඩොලර් මිලියන 110ක් වගේම ලොවපුරා තිරගත වෙමින් මේක ඩොලර් මිලියන 170ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියනවා. ඉතින් මිනිස් මොළයක් කෘතිම යාන්ත්‍රික ශරීරයකට බද්ධකරාම එය යන්ත්‍රයක් වෙයිද නැත්නම් මනුෂ්‍යයෙක්වෙයිද යන්ත්‍රයක් වෙන එකද මනුෂ්‍යයෙක් වෙන එකද වඩා හොඳ. චිත්‍රපටිය බලලම ඒක ගැන අදහසක් අරගන්න තවත් උපසිරසකින් ඉක්මනටම හමුවෙමු…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “Ghost in the Shell (2017) සිංහල උපසිරැසි” Ghost.in.the.Shell.(2017).Sinhala.Subtitle.rar – Downloaded 700 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිසල් ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram