More

    Godzilla (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ චිත්‍රපටයේ උපසිරැසිය යොදන්න චිත්‍රපටය ගැන අන්තර්ජාලයේ පල කල කාලයේම මම හෙඩ්ස්ගෙන් ඉල්ලුවා මේක මට ඕනේ කියලා.. ඇත්තටම අවුරුදු දෙකක් විතර ඇති…මතකත් නෑ…ඔන්න ඉතිං ඒ සබ් එක දෙන්න දැන් මට අවස්ථාව උදාවෙලා තියෙනවා… ඉතිං හැමෝම හිතන්න ඇති මේක කලින් ආපු 1998 ඇමරිකානු Godzilla කතාවෙ අළුත් එකක් කියලා… ඇත්තටම නෑ . ඔයාලාට මතක ඇති ජපානයේ චිත්‍රපට පෙළක්ම නිපදවූවා ගොඩ්සිලා කියලා…අන්න ඒ චිත්‍රපට මූලික කරගෙන තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ…ඉතිං හැමෝම කැමතියි නේ VFX එහෙම බරටම තියෙන චිත්‍රපට බලන්න.. ඔන්න එහෙනම් ඒකට කදිම චිත්‍රපටයක් තමයි මේක…

    අද නම් වැඩිය කතාකරන්න යන්නෙ නෑ මොකද හරිම මහන්සියි…..චිත්‍රපටයෙ ඇතුල ගැන ටිකක් කියනවා නම් ගොඩ්සිලා ජපානයේ හඳුන්වන්නේ ගොජිරා යනුවෙන්… ඌ මිනිස්සු ඉපදෙන්නත් කලින් මිහිපිට ජිවත් වූ යෝධ සත්වයෙක්…යම් හේතුවකින් ඌ ලෝකයෙක් වඳවෙලා ගියා….පසුව වර්තමානයේ ගොඩ්සිලා තරම්ම යෝධ වෙනත් අමුතු සත්වයෙක් සොයාගන්නවා…ඒත් හරිම වස යෝධයෙක් තමයි ඌ….මේ සතා වසර ගානක් පෘථිවියේ න්‍යෂ්ටික ශක්තියෙක් පෝෂණය වෙලා ලෝකෙ වෙනත් න්‍යෂ්ටික තැන් සොයා ලෝකයම විනාශ කරන්න යනවා…ඔන්න මේ අතර වැදගත්ම සිදුවිමක් වෙනවා…හැබැයි ඒ මොකක්ද කියලා චිත්‍රපටය බලලාම දැනගන්න.

    චිත්‍රපටයෙ බෙදාහැරීම කරලා තියෙන්නෙ හැමදාම වගේ වොනර් බ්‍රදර්ස්ලා. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙලා තියෙන්නේ Gareth Edwards විසිනුයි. තවද චිත්‍රපටයේ ප්‍රධාන චරිත වශයෙන් Aaron Taylor-Johnson, Elizabeth Olsen, Bryan Cranston යන අය නම් කරන්න පුළුවන්…එමෙන්ම IMDb Rating වල 7.1 වැනි අගයක් අරගෙන සුපිරි තැනක මේ චිත්‍රපටය තියෙනවා. තව දෙයක් තමයි මෙයි දෙවන කොටසකුත් එනවා… ඒක එන්නේ 2018 දි..එතකොට කට්ටිය කසාද බැඳලා බිරිඳත් එක්ක බලන්නත් යයි නේද හික් හික්… ඔන්න එහෙනම් මම යනවා.. හැමෝම චිත්‍රපටය හොඳින් රසවිඳින්නකෝ.. මේ චිත්‍ර‍පටියෙන් පසුව Kong Skull Island නමින් මේ චිත්‍ර‍පටියටම සම්බන්ධ චිත්‍ර‍පටියකුත් නිකුත් විමට නියමිත බවත් මතක් කරන්න කැමැතියි

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Godzilla (2014) සිංහල උපසිරැසි” Godzilla.(2014).Sinhala.Subtitle.rar – Downloaded 1019 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චම්පික ලක්රුවන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram