spot_img

Goutham Nanda (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගෞතම් නන්දා තෙලුඟු චිත්‍ර‍පටය පසුගිය ජූලි 28 වැනිදා තමයි නිකුත්වුනේ. ඉන්දියානු රුපියල් මිලියන 260ක් වියදම් කරලා හදලා තියෙන මේ චිත්‍ර‍පටයට මිලියන 300ක බොක්ස් ඔෆීස් ආදායමකුත් තබා තියෙනවා. ප්‍ර‍ධාන චරිතය ලෙස Gopichand රංඟනයෙන් දායක වෙනවා.. Hansika Motwani හා Catherine Tresa ප්‍ර‍ධාන නිලියන්ගේ චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.

ගෞතම් කියන්නේ ලොව වැඩිම ධනවතුන් 50 දෙනා අතර ඉන්න විශ්නු ප්‍ර‍සාද්ගේ පුතා. ගෞතම්ට කිසිම හැඟීමක් දැනීමක් නෑ. එයා තමන්ට ඕන විදියට සල්ලි වියදම් කරගෙන ඉන්නවා. විශ්නුගේ බිස්නස් සගයාගේ දුව ගෞතම්ට ගොඩක් ආදරේ කරනවා. එක දවසක් පාටියකදී ගෞතම්ගේ ඇඟේ බීම එකක් හීරෙනවා සේවකයෙකුගේ අතින්. ගෞතම් අහනවා ‘‘තමුසේ මම කවුද කියලා දන්නේ නැද්ද‘‘ කියලා. සේවකයා දෙන උත්තරයෙන් ගෞතම්ට කලකිරෙනවා තමන් ගැනම. ඔහු සියදිවි නසාගන්න යනවා. එතනදී ගෞතම් කාර් එකේ එක්කෙනෙක්ව හැප්පෙනවා. ඒත් එතකොට දකිනවා එයාගේ වාහනේට හැප්පිලා ඉන්නෙත් තමන් වගේම පෙනුම තියෙන කෙනෙක් කියලා. ඒ නන්දා. නන්දා දුගී බව නිසා ලොකු ගැටලුවක් ඇවිත් ජීවිතේ කලකිරිලා ඉන්න කෙනෙක්. ඉතින් ඒ දෙන්නා තමන්ගේ චරිත දෙක මාරු කරගන්න තීරණය කරනවා මාසෙකට. දෙන්නම ඊළඟ දවසේ ඉඳලා අලුත් ජීවිතයට මාරු වෙනවා. කතාවේ මොනවා වෙයි කියලද හිතන්නේ? දෙන්නාගෙම ප්‍ර‍ශ්න ඉවර වෙයිද? නැත්නම් තවත් අලුත් දේවල් එකතු වෙයිද? මේ කතාවේ අවසානය මොකක් වෙයිද? හොඳ කුතුහලයකින් බලන්න පුලුවන් කතාවක් කියලා නොබියව කියන්න පුලුවන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram