spot_img

Guardian (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද මේ විදියට අරගෙන එන්නේ මලයාලම් චිත්‍රපටියකට මම කරන තුන් වෙනි අසා ලිවීම,මලයාලම් චිත්‍රපටි වලට කැමති ගොඩක් අය ඉන්නවනේ,ඔන්න ඉතින් ඒ අය වෙනුවෙන්ම අදත් අරගෙන එන්නේ ලස්සනම මලයාලම් චිත්‍රපටියක්,ඉතින් මේ චිත්‍රපටිය තමයි Guardian…ඔයාලට මතකද 2013 අවුරුද්දෙ නිකුත් උනා Drishyam කියල මලයාලම් චිත්‍රපටියක්,අන්න ඒක බලපු අය ඒකේ කතාව මොකක්ද කියල දන්නවනේ,ඉතින් මේ Guardian චිත්‍රපටියෙත් තියෙන්නේ ඒ වගේම කතාවක් තමයි.. කිසියම් වැරැද්දක් කරල නීතියෙන් බේරෙන්න දරන උත්සහයක් තමයි මේ චිත්‍රපටියෙනුත් අපිට දැකගන්න ලැබෙන්නේ… Saiju Kurup, Sijoy Varghese, Mia George රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය මේ වෙද්දි 6.2 ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා…

ඉතින් කතාව ගැන කිව්වොත්…අර්ජුන් කියන්නේ ඩොක්ටර් කෙනෙක්…ඉතින් දවසක් මෙයා ලගට ලෙඩෙක්ව එක්කරගෙන එනවා..ලෙඩෙක් කිව්වට ඇත්තටම මෙයා දිවිනහගන්න උත්සහ කරල තියෙන කෙනෙක්…ඉතින් ඒ තමයි ශෘති…ඉතින් අර්ජුන් කොහොම හරි ශෘතිව බේරගන්නවා..බේරගෙන ශෘතිට ප්‍රතිකාර කරන අතර තුර,ශෘතිට අර්ජුන් ගැන ආදරයක් ඇති වෙනවා,ඉතින් ඒ ආදරේ අවසන් වෙන්නේ විවාහයෙන්ම තමයි…ඉතින් කොච්චර හැoගිලා ඉන්න හැදුවත් අපේ අතීතෙන් අපිට හැංගෙන්න බෑ කියනවනේ…එහෙමම දෙයක් තමයි ශෘතිටත් වෙන්නේ,එයාගේ අතීතේ යම් සිදුවීමක් පිටස්තර කෙනෙක් දැනගෙන ශෘතිව බ්ලෑක්මේල් කරන්න ගන්නවා..ඉතින් තමන්ගේ සැමියටවත් නැත්නම් වෙන කාටවත් මේ සම්බන්ධයෙන් කියන්න ශෘතිට හැකියාවක් නෑ…ඒ ප්‍රශ්නේ මොක්කද? ඇයි මේහෙම ශෘතිව බ්ලැක්මේල් කරන්නේ…මේ ප්‍රශ්නෙන් ශෘති කොහොමද බේරෙන්නේ කියල දැනගන්න අරගෙන බලන්නකෝ Guardian…(ආරක්ෂකයා)

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram