today-is-a-good-day
More

    Hangman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන් ප්‍රිය මිතුරු මිතුරියණි. 2017 වර්ෂයේ දී නිකුත් වුණ තවත් හොඳ හොලිවුඩ් චිත්‍රපටයක් අරගෙනයි මම ආවෙ. මුලින්ම මම කියන්න ඕනෙ මේ චිත්‍රපටය සඳහා උපසිරැසිය නිර්මාණය කරන්න බාර අරගෙන ටික දවසක් වෙනවා. ඇත්තෙන්ම රැකියා කටයුතුත් කරන ගමන් තමයි අමතර කාලයක් උපසිරැසිකරණය වෙනුවෙන් වැය කරන්නෙ. ඉතිං රාජකාරි කටයුතු බහුල වීම නිසා මේක අරගෙන එන්න වුණ ප්‍රමාදය ගැන මං සමාව ඉල්ලනවා සියළුදෙනා ගෙන්. ඇත්තටම තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටය මං කරන්න හිතන් හිටපු එකක් නෙමෙයි. උපසිරැසියක් කරන්න හොඳ චිත්‍රපටයක් හොය හොය ඉන්නකොට අපේ ඇඩ්මින් සහෝදරයා මට චිත්‍රපට කීපයක් දුන්නා මේවගෙන් හොඳ එකක් තියනවද බලන්න කියලා. එතනදි මං තෝරගත්තෙ වෙනත් චිත්‍රපටයක්. නමුත් ඒ වෙනකොට ඒ චිත්‍රපටයට ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නැති නිසා ඒ චිත්‍රපටයට ඉංග්‍රීසි උපසිරැසියක් එනකං ඉන්නයි මං හිතාගෙන හිටියෙ. ඇඩ්මින් සහෝ මගෙන් ඇහුව ඒ තෝරගත්ත එකට අමතරව වෙන හිතට වැදුණ එකක් නැද්ද අරකට සබ් එකක් එනකං කරන්න කියලා. ඔන්න ඊට පස්සෙ දෙන්න කතා කරල තමයි මේ චිත්‍රපටය කරන්තෝන තෝරගත්තෙ.

    හරි දැන් ඒ හෑල්ල පැත්තකින් තියලා චිත්‍රපටය දිහාට හැරෙමු. IMDb සිනමා දර්ශකයේ 4.9 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියනවා. ඒත් මගෙ පෞද්ගලික මතය නම් ඒ ගාන ඊට වඩා තව ටිකක් වැඩි වෙන්න ඕනෙ කියන එකයි. මොකද චිත්‍රපටය පටන් ගත්ත තැන ඉඳං අවසාන වෙනකං කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මට බලල ඉවර කරන්න පුළුවන් ජාතියෙ කුතුහලයෙන් පිරුණ චිත්‍රපටයක් විදියටත් මේක හඳුන්වල දෙන්න මං කැමතියි. Crime, Mystery,Thriller කාණ්ඩය යටතට අයත්වෙන මේ චිත්‍රපටය මිනිත්තු 98 ක් පුරා ධාවනය වෙනවා.

    චිත්‍රපටියෙ කතාව දිහාවට පොඩ්ඩක් හැරුණොත්, මොන්රො නගරයේ එකපාරටම මිනිස්සු ඝාතනය වෙන්න ගන්නවා. ඝාතකයා ඒ ඝාතනය කරන හැම කෙනෙක්ගෙම පපුවේ ඉංග්‍රීසි අකුරක් කපලා යනවා. ඉතිං මේ නගරයෙ ඉන්නවා රේ ආචර් සහ විල් රුයිනි කියල අපරාධ පරීක්ෂකවරු දෙන්නෙක්.ආචර් විශ්‍රාම ගිහිං ඉන්නෙ. නමුත් ඝාතකයා ඝතනය කරන එක පුද්ගලයෙකුගෙ මිනිය ළඟ ආචර්ගෙයි රුයිනිගෙයි පොලිස් බැජ් අංක ලියලා තියලා යනවා. ඉතිං ඊට පස්සෙ රුයිනි යනවා ආචර්ව හම්බවෙන්න. සිද්ධිය ගැන කියලා මේ අභිරහස විසඳන්න ආචර්වත් සම්බන්ධ කරගන්නවා. ඉතිං මොකද්ද මේ අකුරු ප්‍රහේලිකාව. මේ ඝාතන වලට ආචර්ගෙයි රුයිනිගෙයි තියන සම්බන්ධය මොකද්ද. මේ හැම අපරාධයක්ම කරන්නෙ කවුද, මොන හේතුවකට ද ආදි ප්‍රශ්න වැලක්ම ඔයාලට ඉතුරු කරල යන්නයි මේ හදන්නෙ. ඉතිං යන්න කලිං කියන්න ඕනෙ කමෙන්ට් එකකින් මාව දිරිගන්වන ඔයාල සියළුදෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඉතිං බාරගත්ත අනිත් එක, මේ අවුරුද්දෙ නිකුත් වුණ සුපිරිම හොරර් චිත්‍රපටයක් ළඟදිම අරගෙන එන බලාපොරොත්තුවෙන් ගිහිං එන්නම්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Hangman (2017) සිංහල උපසිරැසි” Hangman.2017.Sinhala.Subtitle.rar – Downloaded 84 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram