More

    HeartBeat (2023) 16 වැනි (අවසන්) කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    HeartBeat (2023) Sinhala Subtitle

     

    පුරා සති 8ක් තිස්සේ අප විසින් රැගෙන ආ Heartbeat කථාමාලාවේ අවසන් කොටසයි මේ අප විසින් ගෙන හැර දක්වන්නේ. මෙතෙක් කල් කොටස් 15කින් බොහොම සිනාමුසු රසයක් ගෙන ආ කතාමාලාවක් වුණු මෙය, 16 වෙනි කොටසින් හාස්‍ය ඉවත් කර සංවේදී කොටසක් බවට පත් කරලා තියෙනවා. එසේ නම් මෙතෙක් කතාව කෙටියෙන් පහදන්නම්.

    ප්‍රධාන වශයෙන්, වැම්පයර් පරම්පරාවක් සහ ජූ නැමැති පරම්පරාවක් අතරේ දෝලනය වුණු මෙම කතාවේ වීරයා සොන් වූ-හ්යොල් වන අතර කතා නායිකාව ඉන්-හේ නම් ජූ පරම්පරාවෙ වත්මත් සේවිකාව විය.සොන් වූ-හ්යොල් කියන්නේ වැම්පයර් කෙනෙක් වන අතර ඔහුගෙන් අහිමිව ගිය ප්‍රේමය වෙනුවෙන් නැවතත් ඔහුගේ ආදරවන්තිය ඔහුව සොයා එනතෙක් බලා සිටින්නෙකි. ඒවගේම මොහුගෙ එකම අරමුණ හදවත ගැහෙනා ආදරයක් විදීමය. මන්දයත් වැම්පයර් වරුන්ගේ හදවත් නොගැහෙනා බැවිණි. ඒ සඳහා මොහුට මනුස්සයෙක් වීමට සිඳුවේ. සොන් වූ-හ්යොල්ගෙ දිවියෙ අරමුණ වනුයේ නැවත සිය මනුස්ස පෙම්වතිය පැමිණෙනා විට මනුස්සයෙක් වී ඇය සමඟ ආදරය විදීමයි. ඒ සඳහා මොහුට වසර 100ක් මිනීපෙට්ටියක නිදාගැනීමට සිඳු වුණි.

    සේවක ජූ, එහෙමත් නැති නම් ජූ ඉන්-හේ කියන්නෙ ජූ පරම්පරාවෙ වත්මත් තරුණියයි. වැම්පයර් මන්දිරය රැක බලාගැනීමට සිටින මොවුන්, පුරාණ කාලයේ සිට වැම්පයර්ලට සේවය කලේ මන්දිරය රැක බලාගැනීමෙනි. යම් වැරදීමකින් ඉන්හේ විසින් සොන් වූ-හ්යොල්ගේ වසර 100ක නින්ද සම්පූර්ණ වීමට දවසකට ප්‍රථම මිනී පෙට්ටිය විවර කල නිසාවෙන් සොන් වූ-හ්යොල් අර්ධ මනුශ්‍යකු වී අවදි වෙයි.

    පසුව මොවුන් දෙපල ආදරයෙන් බැදෙන අතර , සොන් වූ-හ්යොල්ට මනුස්සයෙක් වීමට තවත් ක්‍රමයක් සොයාගන්න ලැබෙනවා. ඒ තමයි ඉන්හේගේ ලේ ඔක්කොම බී දැමීම. දෙන්නගෙන් එක් අයෙක් විතරයි අවසානයේ ඉතුරු වෙන්නෙ.

    ඉතින් ඔහොම කොටස් 16ක් තිස්සෙ ආ ගමනේ, අවසානයේ තීරණය වුනේ ඉන්හේ ගෙ ලේ නොබී සිටින බවයි. මේ වෙනකොට, සොන් වූ-හ්යොල්ගෙ දිවියේ අන්තිම දවස එළඹ ඇත. එය කෙසේ නම් ගත වෙයිද කියලා ඔයාලාම බලන්නකො. ඒවගේන නැති වූ රත්තරං ටිකද යළිත් සොයාගැනීමට හැකිවේ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “HeartBeat E16 සිංහල උපසිරැසි” HeartBeat.E16.Sinhala.Subtitle.rar – Downloaded 472 times – 19 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පහුගිය කොටස් වල උපසිරැසි

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2. මේකේ වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරන්න සයිට්එකක් කියන්නකෝ…..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram