More

    HeartBeat (2023) 7වැනි 8වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    HeartBeat (2023) Sinhala Subtitle

     

    Heartbeat කතා මාලාවේ නවමු කතාංඟ ද්විත්වයට සිංහල උපසිරැසි අරගෙනයි ඔන්න එහෙනම් ආයෙත් ආවේ. දැන් ඔයාල හැමෝම දන්නවා ඇයි මේකට හාට්බීට් කියන්නෙ කියලා.

    වැම්පයර් කෙනෙක් වුණු වූ-හ්යොල් කියන්නෙ කිසිදා තමන්ගෙ හදවත ගැහෙනවා විදපු කෙනෙක් නෙවෙයි. පසු කාලෙක යම් ගැහැණු ළමයෙක් නිසා ඔහුට දැනගන්න ලැබෙනවා ආදරය නම් හැඟීමක් ඇති බවත්, ඒ හමුවේ හදවත වෙනස්ම ස්වරයකින් ගැහෙන බවත්.

    නමුත් සිය පෙම්වතිය සමඟ වැඩිකල් යාමට පෙරම හ්යොල්ව දඩයමේ එන මිනිසුන් හේතුවෙන් මිය යන්නට වන්නේ හ්යොල්ගේ දිවියේ එකම පෙම්වතියද අහිමි වෙමින්. මොහුට අනුව ආදරය ඇති වන්නේ මුළු දිවියෙදිම එකම තරුණියකට විතරයි.

    පසුව කාලය ගෙවෙනවා. මිය ගිය සිය පෙම්වතිය පැමිණෙන තෙක් හ්යොල් දශක ගණන් බලා සිටිනවා. නමුත් මොහුට ඕන වුනේ ඇය නැවත පැමිනෙන විට මනුස්සයෙක් වීමටයි. ඉතින් වැම්පයර් කෙනෙක් මනුස්සයෙක් වෙන ක්‍රම සොයා යන මොහුට යම් ක්‍රමයක් ලැබෙනවා. ඒ තමයි හ්වාතන් මිනී පෙට්ටියක වසර 100ක් නිදාගන්න එක.

    වසර 100 සපිරෙන්නට දිනක් පෙරාතුව වත්මන් සමයේ ගැහැණු ළමයෙක් මේ මිනීපෙට්ටිය විවර කිරීමත් සමඟ, හ්යොල්ගේ වසර 100කට ආසන්න තපස බිදී යන්නේ.. ඔහුගේ මිනිස් සිහිනයද අසාර්ථක කර දමමින්.

    දැන් වූ- හ්‍ යොල් කියන්නෙ අඩ මිනිස් අඩ වැම්පයර් කෙනෙක්. ඉතින් කොහොමෙන් කොහොම හරි මේ පෙට්ටිය විවර කරපු කෙල්ල එක ඇති වන ගැටුම් හමුවේ මොහුට ඇය සමගම ඔහුගෙ මන්දිරයේ වාසය කරන්න වෙන්නේ පහුගිය වසර 100 ඇතුලට උනු යම් සිදුවීම් නිසයි.

    ඔහොම කාලෙ ගෙවෙන කොට මොහුට තවත් එක ක්‍රමයක් දැනගන්න ලැබෙනවා මනුස්සයෙක් වෙන්න පුළුවන්කම තියෙන. ඒ තමයි මේ ගැහැණු ළමයාව ආදරේක පටලවලා ඊට පස්සෙ ඇයගෙ ලේ බොන එක. ඒත් මේක ලේසි නෑ. ආදරේක කියන දේ ජීවිතේ නැති කෙල්ලක් මේ. මැයගෙ ලේ මොහුට බොහෝ සෙයින් විශයි.

    ඉතින් මැයට ආදරයක් ඇති කරවන අතර තුරේ තමයි හ් යොල්ට ආයෙම පරණ පෙම්වතියගෙ රුව ඇති තරුණියක් මුණ ගැහෙන්නේ. මොහුගෙ හිසේ මලක් පිපුනා වගේ සතුටින් ඉපිල ගොස් වැලදගත්තත් ඇයට මොහුව නම් මතකයක් නෑ. ඉතින් ඉන් හේ ගෙ අවවාද එක්ක දැන් ඒ ගැහැණු ළමයට ගෙදරටත් ආරාධනා කරලා ආයෙම ට්‍රැක් එකට දාගන්න තමයි යන්නෙ.

    මේ කොටස් දෙකෙන් ඔයාලට හොද විනෝදයක් ලබන්න පුළුවන්. හොද ආතල් සීන් ටිකක් තමයි යන්නේ . මේක බලන ඔයාලා දන්නවනේ මේකෙ කොටස් වල අන්තිම ආතල් එක කොහොමද කියලා 😁😁😁

    බලන්නකො එහෙනම් වූ-හ් යොල්ට ආයෙම පෙම්වතියක් ලැබෙයිද කියලා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “HeartBeat (2023) E07-08 සිංහල උපසිරැසි” HeartBeat(2023).E07-08.Sinhala.Subtitle.rar – Downloaded 648 times – 49 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram