spot_img
spot_img

Hero (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
පොඩි කාලේදී ලමෙක්ගෙන් ඔයා ලොකු උනාම කවුද වෙන්නෙ කියල ඇහුවාම?
මම දොස්තර කෙනෙක් වෙනා ජීවිත බේරගන්න ඕනි
පොලිස් නිලධාරියෙක් වෙලා ගම රැකගන්නවා
හමුදා නිලධාරියෙක් වෙලා රට රැකගන්නව
කියල සුපිරි වීරයෙක් වගේ කතා කරනව
ඒත් ඒ ලමයගෙන්ම ඉගෙනීම ඉවර උනාට පස්සේ ගිහින් කවුද වෙන්නෙ කියල ඇහුවාම
මාසෙට හොද ලොකු පඩියක්
බැoකුවෙ ලොකු ගානක් ඉතුරු කරගන්න ඕනි
හොද ගෙයක් කියල,ගොඩක් ආත්මාර්ථකාමි විදියට කතා කරනව
සුපිරි වීරයෙක් වගේ  කතා කරපු එයාව ආත්මාර්ථකාමියෙක් කරේ කවුද?
ඇත්තටම එහෙම සුපිරි වීරයෙක් වගේ  කතා කරපු එයාව ආත්මාර්ථකාමියෙක් කරේ කවුද ඒ ලමයව ආත්මාර්ථකාමියෙක් කෙරෙව්වේ කවුද?ඒකට උත්තරේ දැනගන්න ඕනිනම් බලන්න වෙනවා Hero…ඔන්න ඉතින් 2019 තමන් රගපාපු ගොඩක්ම චිත්‍රපටි අසාර්ථක වෙද්දි 2019 වර්ෂනය අවසානයෙ  Sivakarthikeyan සුපිරි චිත්‍රපටියක් අපිට අරගෙන එනව ඒක තමයි Hero…හීරෝ කියන්නේ අපිට ලොකු කතාවක් කියන්න හදන චිත්‍රපටියක්,අපේ රටේ උනත් ගොඩක් නව නිපැයුම් බිහිවෙනවා කියල දැනගන්න ලැබුනත් ඒවා වැඩිය ඉස්සරාට යන්නෙ නෑ,මොකද ඒවට අත හිත දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැති නිසා,ඉතින් හීරෝ චිත්‍රපටියෙනුත් ඔයාලට ඒ සමාන කතාවක් බලාගන්න පුලුවන්
කතාව ගැන ටිකක් කිව්වොත්..ශක්තිවේල් නැත්නම් ශක්ති (Sivakarthikeyan) කියන්නේ හොර සහතික හදන වගේම සල්ලි අරගෙන හොද හොද කොලෙජ් වලට ලමයින් ඇතුල් කරන කෙනෙක්,ඉතින් මෙයා හිතාගෙන ඉන්නේ මෙයා කරන්නේ නැති බැරි අයට හොදක් කියල,ඒ කොහොම උනත් මෙයා ඔක්කොම කරන්නෙ සල්ලි වලට,මෙයාගේ ඉන්න පලාතෙම තමයි ජීවත් වෙන්නෙ මදී කියල ගැහැණු ලමයෙක්,ශක්ති එයාට සලකන්නෙ එයාගේම නoගි කෙනෙක් විදියට,ඔහොම ඉන්න ශක්ති දවසක් ප්‍රදර්ශනයකට යනවා,එහෙදී තමයි ශක්තිට මීරා (Kalyani Priyadarshan) හම්බවෙන්නෙ,මීරා ශක්තිගේ ජීවිතේට සම්බන්ධ වෙන හැටිත් බලන්නම වටිනවා,ඉතින් මදී කැමතියි තවත් ඉහලටම ඉගෙන ගන්න ඒත් එයලට සල්ලි නැති නිසා ඒ අදහස අයින් කරගන්නව,කොහොම හරි මේ කාරණෙ දැනගන්න මීරා ශක්තිට කියනවා පුලුවන්නම් කාටවත් සල්ලි දෙන්නෙ නැතිව වoචා කරන්නෙ නැතිව මදිව හොද කොලේජ් එකකට දාන්න කියල,එතනින් තමයි ශක්තිට මොකද වෙන්නෙ කියල ඔයාලට බලන්න ආරාධනා කරනවා
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

Leave a Reply to nilanka Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram