More

    Hi Nanna (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Hi Nanna (2023) Sinhala Subtitle

    නවක අධ්‍යක්ෂකවරයෙක් වන Shouryuv’ගෙ අධ්‍යක්ෂණයෙන් තෙළුඟු සිනමාවේ නැචුරල් ස්ටාර් ලෙසින් කිරුළු පැලදි නානි සහ Sita Ramam චිත්‍රපටයෙන් පසු යළිත් තෙළුඟු සිනමාවට එක් වන නිළි මෘනාල් ඨාකූර් රංඟනයෙන් දායක වුණු, ඒ වගේම බොහෝ ප්‍රේක්ෂක පැසසුම් මධ්‍යයේ තිරගත වුණු Hi, Nanna චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඒවගේම මේ උපසිරැසිය මගේ 350* වෙනි කඩ ඉම වශයෙන් තෝරාගත්තා.

    ඉන්දියානු රුපියල් කෝටි 40ක පමණ මුදලක් වැය කර නිපදවූ සහ මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 75කට අධික ආදායමක් උපයා ගෙන ඇති මෙම චිත්‍රපටය Romance ශාරණයට අයත් වන හැඟීම්බර චිත්‍රපටයක්. පසුගිය දෙසැම්බර් 21 වෙනිදා සිට තිරගත කරන්න හිටියත් Salaar සහ Dunki චිත්‍රපට සමඟ ගැටෙන්න වෙන නිසා මේ චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 7 වනදා සිට තිරගත වීම ආරම්භ කලා. ඉතිං මාසයක් යන්නත් කලින්ම අද දින මෙලෙස Netflix හරහා අන්තර්ජාලයට මුදා හැරුනා.

    මෙහි සංඟීතය ගත්තම ගීත 10ක ඇල්බම් එකකින් සමන්විතව වන අතර සංගීත මුසුව Hesham Abdul Wahab විසින් සිඳු කර තිබෙනවා. ඔහුගෙ සංඟීතය මොන වගේද කියලා ඔයාලා Hridayam චිත්‍රපටය බැලුව නම් මේ වෙන කොටත් දන්නවා.

    කථාව දෙසට හැරුනම, විරාජ් කියන්නේ තමන්ගෙ අවුරුදු 6ක දියණියත්(මහී) එක්ක ජීවත් වෙන පියෙක්. ඉතිං මේ ගෙදර අම්මෙක් නැහැ. ඉතිං මහීගෙ මුවින් නිතරම නැගෙන ප්‍රශ්නය තමයි අම්මට මොකද වුනේ කියන එක. ඒ නිසා අම්මගෙ කථාව කියන්න කියලා තාත්තගෙන් නිතරම ඉල්ලුවත් ඔහු එය නිතරම කල් දානවා. ඉතිං ඔහොම යද්දි එක දවසක් පොරොන්දු වෙනවා පන්තියේ 1 වෙනියා උනොත් අම්මගෙ කථාව කියනවා කියලා. ඉතිං කොහොම හරි පුංචි මහී හොඳට පාඩම් කරලා පන්තියෙ පළවෙනියා වෙනවා. ඒත් විරාජ් නම් තවම කථාව කියන්න සූදානමක් නැහැ. කල් දම දම ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් මහී ගෙදරින් යනවා. මේ යන අතරෙදි ඇයට යෂ්ණාව (මෘනාල්) මුණ ගැහෙනවා. ඉතිං මේ තනියම ඇවිදින මහීගෙන් විස්තර අහල දැනගෙන, යෂ්නා පොරොන්දු වෙනවා තාත්තා ලවා අම්මා ගැන කථාව කියවවනවා කියලා.

    ඉතිං අවසානයේ විරාජ්ට මහීගෙ අම්මගෙ, එහෙමත් නැත්නම් වර්ෂාගෙ කථාව කියන්න පටන්ගන්න සිද්ධ වෙනවා. හරිම ලස්සනට ගලන් යන හැඟීම්බර ආදර කථාවක් තමයි මේ චිත්‍රපටයේ මෙහෙම අන්තර්ගත වෙලා තියෙන්නේ.

    ප්‍රින්සස්ලා දෙන්නෙක් එක්ක මේ චිත්‍රපටය බලන්න කැමති හැමෝම එහෙනම් අනිවාරෙන් බලන්න. ගිහින් එන්නම්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Hi Nanna (2023) සිංහල උපසිරැසි” Hi.Nanna.(2023).Sinhala.Subtitle.rar – Downloaded 11457 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. බොහොම ස්තූතියි අශේන් අයියේ!
      350ට සුභ පැතුම්! 💐

    2. 350 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

      ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    3. 350සබට සුබ පැතුම් සහෝ….
      කරන කියන සියලු කටයුතු සාර්තක වේවා…..
      බොහෝම ස්තූතියි උපසිරැසියට…..

    4. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram