spot_img

Hit (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Iravukku Aayiram Kangal(2018) චිත්‍රපටයෙන් පස්සේ කට්ටියට හොද Thriller එකක් ගේන්න බැරි වුන එකේ අද හොඳ Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක් අරගෙන ආවා ඔන්න.මේ කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Sailesh Kolanu විසින්.අධ්‍යක්ෂක මහත්තයගේ පලවෙනි ෆිලුම තමයි මේක.පලවෙනි එක කියල නෑ මිනිහා ෆිල්ම් එක ගොඩ දාලා තියෙනවා.එතකොට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ අපේ Natural Star නානි විසින්.එයා කලින් නිෂ්පාදනය කරපු Awe! කියන ත්‍රිලර් චිත්‍රපටය මතක ඇතිනේ,ඒක විචාරක ප්‍රසාදයත් දිනාගත්තනේ.HIT (2020) එක තමයි නානිගෙ දෙවනි නිෂ්පාදන දායකත්වය දක්වපු ෆිල්ම් එක වෙන්නේ.ඔයාලා HIT ට්‍රේලර් එක බැලුවානම් ඒක ට හොද ප්‍රතිචාර එහෙමත් තියෙනවා දකින්න ඇතිනේ,ෆිල්ම් එකේ ප්‍රමෝෂන් වැඩත් හොදට වුනා කියලා තමයි දැනගන්න හම්බුනේ.ප්‍රධාන චරිත ගැන බැලුවොත් Falaknuma Das,Vellipomakey චිත්‍රපටවල හිටිය Vishwak Sen වගේම Chi La Sow,Kadaisi Bench Karthi චිත්‍රපටවල හිටිය Ruhani Sharma රංගනයෙන් එකතු වෙනව. ඒවගේම ෆිල්ම් එකේ පසුබිම් සංගීතයත් නියමෙටම තියෙනවා.ත්‍රිලර් චිත්‍රපටයක් නිසාම නටන වයන සින්දු මේකෙ අඩංගු වෙන්නෙ නැහැ.කතාව ගැන කියන්න කලින් ලකුණු මට්ටම් ගැනත් කියලා ඉන්නම්කෝ.ගූගල් මනාප ප්‍රතිශතය 97% සමගින් IMDb මීටරේත් 8.1කට කරකවන්න සමත් වෙලා තියෙනවා.ෆිල්ම් එකෙ නම වගේමයි වැඩත් බලන් යනකොට.

කතාව:
වික්‍රම් කියන්නෙ අපරාධ සම්බන්දයෙන් විමර්ශනය කරන කෙනෙක්.අපරාධ විසඳන්න නම් මිනිහා හොද වැඩ්ඩා.මූනේ පොඩිහරි හිනාවක් ඇත්තෙම නෑ.හැබැයි වික්‍රම්ට පොඩි PTSD (මානසික කම්පනයක් )තත්වයක් තියෙනවා.එතකොට මෙයාගෙ පෙම්වතිය තමයි නේහා.ඔය අතරවාරයේ වයස අවුරුදු 18ක ප්‍රීති කියලා ගැහැණු ළමයෙක්ව මහ පාරේ අතුරුදන් වෙනවා.හැබැයි පුලුවන් කෑල්ලක් හැරුනහම මේ අපරාධේ විසදන්න කියලා කිසිම හෝඩුවාවක් නෑ.සමහරෙක් කියනවා මේ අතුරුදන් වීමට නිල් පාට කාර් එකක් සම්බන්දයි කියලත්,ඒත් ඒ නිල් පාට කාර් එක දැකපු කෙනෙක් තියා පාරේ තියෙන CCTV දර්ශන වලත් එහෙම දෙයක් පේන්න නෑ.ඔහොම ඉන්නකොට වික්‍රම්ගේ පෙම්වතිය නේහාවත් අන්තරස්දාන වෙනවා,එයත් කලින් අතුරුදන් වෙච්ච ප්‍රීති වගෙම කිසිම සාක්ෂියක් වත් ඉතිරි නොකර තමයි අතුරුදහන් වෙන්නේ.දෙපාර්තමේන්තුවේ ලොක්කාගෙන් නේහාගෙ කේස් එකේ පරීක්ෂණ වැඩ ටික කරන්න ඉල්ලුවත් වික්‍රම්ට කේස් එක ලැබෙන්නෙ නෑ.ලොක්කට ඕන දෙයක් කරගන්න කියලා තමන්ගෙ පෙම්වතියව තමාම හොයාගන්න ඕන කියලා වික්‍රම් තීරණය කරනවා.බලනකොට වගකිව යුත්තා කවුද කියලා හිත හිත බලන්න,එතකොට අන්තිමේදී ඒ තමන් හිතුව කෙනාද කියල බලගන්න පුලුවන් වෙයි. මේ අතුරුදහන්වීම් පිටිපස්සේ කවුද ඉන්නෙ?කිසිම සාක්ෂියක් වත් නැති මේ අපරාධ සිද්දිය ඔහුට විසදන්න පුලුවන් වේද? ප්‍රීතිගෙයි නේහාගෙයි අතුරුදන්වීම් වල සම්බන්දයක් තියෙනවද? PTSD තත්වයකට මගපෑදූ වික්‍රම් ගේ අතීත සිද්දිය මොකක්ද? මේවට උත්තර දැනගන්න ඕන නම් ත්‍රාසය,කුතුහලය පිරුණු HIT බලන්න.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram