spot_img

Honor Society (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හෝනර් කියන්නේ, බලාපොරොත්තු පොදි බැඳගත්ත උසස් පාසලේ අවසන් ව‍සරේ ශිෂ්‍යාවක්. ඇයගේ එකම අරමුණ, වැඩියෙන්ම වැදගත් අරමුණ තමයි, හාවඩ් විශ්ව විද්‍යාලයට යන එක. ඒ සඳහා අවශ්‍ය කරන නිර්දේශය දෙන්න, මේ උසස් පාසලේ ඉන්නේ, කැල්වින් මහතා විතරයි. හෝනර් හිතාගෙන ඉන්නවා, ඇය තමයි කැල්වින් මහතාගේ ඒ නිර්දේශය ලබා ගන්න ඉන්න එකම කෙනා කියලා. නමුත්, හදිස්සියේ ඇය දැනගන්නවා, ඇය ඉන්නේ, නිර්දේශ ලබාගන්න සුදුසු හතර දෙනා අතර කියලා. මේ අනිත් තුන්දෙනාව තරඟයෙන් අයින් කලේ නැත්නම් හරි එයාලාව පැරැද්දුවේ නැත්නම්, හෝනර්ට නිර්දේශය ලබාගන්න තියෙන්නේ පොඩි හැකියාවක්. දැන් හෝනර් මොකද කරන්නේ?

මේ කතාව තියෙන්නේ Honor Society (2022) චිත්‍රපටියේ. බැලූ බැල්මට පරණ සාම්ප්‍රදායික කතාවක් ව‍ගේ පෙනුනත්, ඇත්තටම මේ කතාව වෙනස් විදියකට නිර්මාණය කරලා තියෙනවා. කුතුහලය පිරුණු සිදුවීම් බහුල කතාවක් විදියටයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ.

ඇමරිකාවේ උසස් පාසලක, තරුණ අවධියේ චරිත එක්ක දිවෙන චිත්‍රපටියක් නිසා, මේක අපේ සංස්කෘතියේ අපේ තරුණ වයසේ අයට බලන්න සුදුසුද කියලා, වැඩිහිටියන් තීරණය කරන්න. ඉතා සුලු සිප ගැනීම්, සරල සහ මෘදු දෙපැත්ත කැපෙන කතා, සමලිංගිකත්වය උලුප්පන දේවල් මේකේ තියෙනවා. ඔන්න දැනුවත් කලා.

මේක ඇත්තටම නිකුත් කෙරුනේ 2022 ජූලි 29 වෙනිදා. මාස තුනක් වගේ කාලයක් ඇතුලත අරගත්ත web ratings මේ වගේ. IMDB 6.5, Rotten Tomatoes 85%, Metacritic 66%, Google Users 93% ලබාගෙන තිබ්බා. ඒ මේ ලිපිය ලියන මොහොතේ.

Oran Zegman විසින් තමයි මේක අධ්‍යක්‍ෂණය කලේ. හොලිවුඩයේ ජනප්‍රිය තිර රචකයෙක් වුනු David A. Goodman තමයි මේක රචනා කරලා තියෙන්නේ. Awesomeness Films සහ Guardian Pictures එකතුවෙන් නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටිය, ලොව පුරා බෙදාහැරුනේ Paramount+ ආයතනයෙන්. රඟපෑමෙන් දායක වෙනවා, Angourie Rice (හෝනර්), Gaten Matarazzo (මයිකල්), Christopher Mintz-Plasse (කැල්වින් මහතා), Armani Jackson (ට්‍රැවිස් බිගින්ස්), Amy Keum (කෙනඩි) ඇතුළු බොහෝ පිරිසක්.මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳලා විස්තර කියන්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • me kathawa nam niyamai..
      kohomahari balanna one..
      thawa me wage drama film ekak lagaddema denna….
      Jayawewa…..niduk nirogi wewa…………………….!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram