today-is-a-good-day
More

    How To Train Your Dragon Homecoming (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් යාලුවනේ ඔන්න අද ආපහු මේ පැත්තට ආවා තවත් ඇනිමේෂන් එකක් අරගෙන. මේක කෙටි චිත්‍රපටයක්.ගොඩක් අයට අමතක කෙනෙක්නම් නෙමෙයි. how to train your dragon චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය කරපු කෙටි චිත්‍රපටයක් තමයි මම අරගෙන ආවේ. ටූත්ලස් කිව්වම ඉතින් කාටත් අමතක වෙන්න විදියක් නෑ. චිත්‍රපට තුනක් වගේම රූපවාහිනි කතාමාලා 8ක් අපි උපසිරැසි ගෙනාවා කාටත් මතක ඇති නේ. ඉතින් අපි වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.how to train your dragon hidden world 2019 චිත්‍රපටය ඇවිත් වැඩි කාලයක් නෑ නේ.ඒ චිත්‍රපටයෙන් මේ ටූත්ලස්ගෙ සහ හිකප්ගේ වික්‍රමයන් අවසන් කරන්න මේ චිත්‍රපටය නිර්මාණය කරන Dreamworks සමාගම තීරණය කරලා තිබුනා. ඉතින් මම හිතුවෙ මේක හිකප්ගේ සහ ටූත්ලස්ගේ අවසානය වේවි කියල. චිත්‍රපටයේ වෙච්ච දේ මතකයිනේ. මකරුන්ට ජීවත් වෙන්න සැගවුණු ලෝකයක් හිකප් සහ බර්ක්වල මිනිස්සු හොයාගත්තා. ඉතින් බර්ක්වල නායකයා විදියට හිකප් තීරණය කලා මකරුන්ගේ සහ මිනිස්සුන්ගේ සම්බන්ධය නතරකරලා මකරුන්ට වෙනම ජිවත් වෙන්න ඉඩ හදන්න.එක එක අයගෙන් වෙච්ච කරදර නිසාම. ඉතින් මේ කෙටි චිත්‍රපටය පාදක වෙලා තියෙන්නෙ හිකප් ඇස්ට්‍රිඩ් සහ එයාලගේ ලමයි දෙන්නා එක්ක බර්ක්වල ගෙවන අලුත් ජීවිතය ගැන සහ මකරුන්ව සමරන්න තියෙන
    දවසක් ගැන.ඉතින් මීට වඩා විස්තර කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. මේක විනාඩි 20ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ. ඒ වගේම netflix සමාගමෙන් dragon riders කතාමාලාවේ අවසානයත් එක්ක ආයෙත් කුඩා ලමයින්ට ගැලපෙන තවත් රූපවාහිනී කතාමාලාවක් නිකුත් කරල තියෙනවා dragon rescue riders කියල.ඒ වගේම මේ කෙටි චිත්‍රපටයේ අවසානයේ ආපහු ටූත්ලස් ගැන මතක් කිරීමක් කරනවා. අපි හිතමු අවසානය කිව්වට  මින් ඉදිරියටත් ටූත්ලස් හිකප්ගේ වික්‍රමයන් බලන්න ලැබේවි කියල. එහෙනම් තවත් මේ වගේම උපසිරැසියකින් හම්බෙනකන්. කට්ටියටම ජය !

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” How.To.Train.Your.Dragon.Homecoming.2019..rar – Downloaded 1832 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන් සමීර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram