today-is-a-good-day
More

    I See You (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    I See You (2019) රහස් පරීක්ෂක තේමාවක් මුල් කරගෙන ගොතනු ලැබූ වෙනස්ම විදියේ චිත්‍රපටියක්. කතාවේ මුල ඉඳලාම අපි මෙහෙම වෙයි කියලා හිතනකොට, ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වන කතාවක්. දක්ෂ තිර රචනයක් පාදක කරගෙන, සරල වෙනස් කතාවක්, පුදුම කුතුහලයක් තියෙන්න නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම ඒ අවුරුද්දේ මේක ගොඩාක් ජනප්‍රිය වුනා. අන්තර්ජාලයේ තියෙන විදියට, IMDB 6.8, RottenTomatoes 79%, Metacritic 65%, Google Users 84% මේකට පක්ෂව ඉන්නවා.

    මේ චිත්‍රපටියේ, අපේ රටේ සිදුනොවෙන සිද්ධියක් ගැන කතා වෙනවා. ඒ, හොරෙන් කෙරෙන සහජීවිනයක් ගැන. ඒක කෙරෙන්නේ මෙහෙමයි. අධික කාර්යබහුල නිවසක් තොරගන්නවා. දහවල් වරුවේ ගෙදර කිසිවෙක් නැති නිවසක්. ඊටපස්සේ, මේ ගෙදරට හොරෙන් ඇතුල්වෙනවා. දැන් දෙගොල්ලන්ම මේ ගෙදර නිවැසියෝ. හොරෙන් ඇතුල් වෙච්ච අයට තියෙන්නේ, නිවැසියන්ට නොදැනෙන්න, ‍නිවස පාවිච්චි කරලා, ජීවත් වෙන්න. මේක වාර්ථාමය වැඩසටහන් විදියටත් ඇමරිකාවේ කෙරිලා තියෙනවා. හැබැයි, නීතියෙන් තහනම්.

    Adam Randall විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ, කතාව සහ තිර රචනය කරලා තියෙන්නේ Devon Graye විසින්. මේ දෙන්නාගේ සාර්ථක ආරම්භය ලස්සන කතාවක් විදියට අපිට දෙන්නේ රඟපෑමෙන් දායක වුනු අය. Helen Hunt (ජැකී), Jon Tenney (ග්‍රේග්), Libe Barer (මින්ඩි), Owen Teague (ඇලෙක්) සහ Gregory Alan Williams (ස්පිට්ස්කි) ඇතුළු පිරිසක් තමා රඟපාන්නේ.

    කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. පොඩි නගරයක අවුරුදු 12ක පමණ දරුවෙක් පැහැරගැනීමකට ලක් වෙනවා. මේ ගැන හොයන්න බාර වෙන්නේ ග්‍රෙග් සහ ස්පිට්ස්කි දෙන්නාට. ‍කරුණු හොයාගෙන යනකොට, මේකට මීට අවුරුදු 15කට පමණ කලින් සිදුවෙච්ච පැහැරගැනීමකට සම්බන්ධ බවට සැක කෙරෙන කරුණුත් හොයාගන්නවා. ග්‍රෙග්ගේ පවුල් ජීවිතයත් එච්චර සාර්ථක නෑ. බිරිඳ, ජැකී ගේ අනියම් සම්බන්ධතාවයක් තමයි හේතුව. මේ ප්‍රශ්න අතරේ, කොහොමද පැහැරගත්ත දරුවාව හොයාගන්නේ? මින්ඩි සහ ඇලෙක් දෙදෙනා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුෙර් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “I See You (2019) සිංහල උපසිරැසි” I.See.You.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1595 times – 477 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram