spot_img
spot_img

Judwaa 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

1997 දි තිරඟත වුන සල්මන් ඛාන් ප්‍ර‍ධාන චරිතය රඟපෑ ජූඩ්වා චිත්‍ර‍පටියේ රීමේක් එක තමයි මේක. ජූඩ්වා 2 කිව්වාට මේකේ තියෙන්නෙත් පලවෙනි එකේ කතාවම තමයි. පොඩිත්තක් විතර වෙනස් කරලා. හැබැයි චිත්‍ර‍පටිය නම් සුපිරිම එකක් කියලා කියන්න ඕනි. පැය 2ක් ඔයාලට හිතේ විනෝදෙන් බලන් ඉන්න පුලුවන් වේවි. කවුරුත් දන්න වරුන් ධවාන් මෙහි ද්විත්ව චරිත නිරුපණය කරනවා. මිට අමතරව Jacqueline Fernandez හා Taapsee Pannu මෙහි ප්‍ර‍ධාන නිළියන් ලෙසට රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ David Dhawan විසින්. නිශ්පාදන පිරිවැය Sajid Nadiadwala ගෙනි. කෝටි 65ක වියදමින් නිර්මාණය වු මේ බොක්ස් ඔෆිස් ආදායම කෝටි 200ට ආසන්න ගානක් හොයලා තියනවා මේ වෙද්දි.

කතාව ගැන කිව්වොත් රාජා හා ප්‍රේම් කියන්නේ නිවුන්නු දෙන්නෙක්. නමුත් මේ අය පොඩි කාලේදි යම් සිදුවිමක් වෙලා වෙන් වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ අපිට චිත්‍ර‍පටිය පෙන්වන්නේ අවුරුදු විස්සක් කාලය ගෙවිල ගියාට පස්සේ. දැන් රාජා හා ප්‍රේම් උස්මහත් වුන තරුණයන් දෙන්නෙක්. රාජා ඉන්නේ ඉන්දියාවේ. ප්‍රේම් ඉන්නේ ලන්ඩන් වල. කොහොම හරි රාජා දවසක් ඇලෙක්ස් කියන සල්ලිකාරයෙක් එක්ක වලියක් ගිහින් එකෙන් බේරෙන්න කියලා රජාත් ලන්ඩන් වලට හොර පාස්පොට් එකක් හදාගෙන පනිනවා.. ඔතැනින් එහාට ලොකු පටලැවිලි ටිකක් තමයි වෙන්නේ. ඒක චිත්‍ර‍පටිය අරන්ම බලන්න ඉතින්..

සැ.යු… – මේ චිත්‍ර‍පටියේ ආපු කොපි සමහරක් එවාගේ සවුන්ඩ් වල sync අවුලක් තියනවා. මං හොදට චෙක් කරලා කොපියක් දිලා ඇත්තේ කරුණාකරලා ඒකම ගන්න. අනික් එවාට සබ මැච්වෙනවා. නමුත් එවාගේ ඕඩියෝ sync අවුල්. තව සබ් එකත් ඉතින් පොඩි පොඩි අවුල් තිබ්බා. සබ්සින් අඩවියට ගියොත් දකින්න පුලුවන් ඉංග්‍රිසි සබ් සේරටම රතු රේටින් තමයි දිලා තියෙන්නේ. මැදින් මැදින් කතාවේ සබ් එක පවා නැහැ. ඉතින් ටයිම් ලයින් ගහලා අසාලිවිමක් කලා. (හින්දි නම් ගේමක් නැහැ නොවැ) . උඩින් පල්ලෙන් ගහලා දෙන්නත් බැහැනේ. එහෙනම් කලින්ම දිලා… මං ගියා… ”බාග පෙම්වතියගේ” හොද කොපියක් ඇවිත් තිබ්බා. එකේ සබ් එකෙන් මිලඟට මුණ ගැහෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

Download “Judwaa 2 (2017) සිංහල උපසිරැසි” Judwaa.2.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1985 times – 54 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram