today-is-a-good-day
More

    Kaali Khuhi (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Kaali Khuhi නැත්නම් “කළු ළිද” යනුවෙන් අර්ථ දැක්වෙන, දින කිහිපයකට කලින් නිකුත් වුණු හින්දි චිත්‍රපටයක් තමයි මේ..ඒ වගේම මේ චිත්‍රපටය Horror/mystery කියන කාණ්ඩයට තමයි හිමිකම් කියන්නෙ. කතාව දිහාට හැරුණොත් මෙහෙමයි

    එක්තරා පවුලක්, අම්මයි තාත්තයි චූටි දියණියයි..මේ අයට තම සැමියගෙ මවට අසනීප වීම හේතුවෙන්,සැමියගෙ ගමට යන්න වෙනවා..බිරිද නම් නැන්දම්මගෙ ගෙදර යන්නෙ වැඩි කැමැත්තකින් නෙවෙයි.මේ යන ගම අමුතු ගමක්..ඒවගේම ගමේ මිනිස්සු කියන්නෙ නම් මේ ගමට “අවතාර විසින් ශාප කරලා”තියෙන්නෙ කියලයි..නොයෙක් කට කතා පටබැදිලා තියෙනවා..ඉතිං ඔහොම ඉන්න අතරෙ ඉහත කිව්ව චූටි දියණියට යම් ආකාරයක ගැහැණු ළමයෙක්ව දිස් වෙන්න ගන්නවා..ඒවගේම ඒ ගමෙන් දූට යාළුවෙක් හම්බවෙනවා, ඒ යාළුවා අමුතු පොතක් පෙන්නනවා..

    ඒ පොතේ තියෙනවා එක් කතාවක්..ගමට සබැදි..ඒ වගේම ගැහැණු ළමයි පෙළකගේ නම්..මෙය මුලින් නොවැටහුණත් පස්සෙ තේරුම් යනවා මේ නම් සදහන් අය කවුද කියලා.කෙටියෙන් කියනවනම් මේ ගමේ තියෙනවා එක් සම්ප්‍රධායක්..එනම්, පවුල් වල කිරිල්ලියො,ඒ කිව්වෙ ගැහැණු ළමයින්ව පිළිනොගන්නවා වගේ යමක්..ඈත සමයේ පටන් පැවත එන කුරුරි සම්ප්‍රධායක්..ඉතිං මේ දියණියගෙ මව ගැබිණියි…දුවෙක් නම් ඒ ගමේ උපද්ද එක අමාරුයි.ඒ අම්මත් ලෙඩ ඇදට වැටෙනවා නොයෙක් ආකාරයේ කරදර වලට වැටෙන්න ගන්නවා..එක් අවතාරයක් නිසා.ඉතිං මේ අවතාරය එක්ක සටන් වදින්න වෙන්නෙ මේ දියණියට තමයි..

    අම්මගෙ චරිතෙට ඉන්නේ, ගෙහෙරයියාන්, සුළග වගේ ඇවිදින් කියන සීරීස් වල ප්‍රධාණ චරිතෙ රගපාපු “සංජීදා” කියණ නිළිය..එහෙනම් බලන්නකො, මේ කතා කතාව කොහොම කෙලවරක් වෙයිද කියලා..ඒ වගේම උපසිරැසියේ ලොකූ අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න..මොකද හින්දි නුහුරුයි. තවත් උපසිරැසියකින් හමුවෙමු..!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB /HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “Kaali Khuhi (2020) සිංහල උපසිරැසි” Kaali.Khuhi.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1812 times – 282 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram