spot_img

Kaithi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම ඔයාල ඇතුලුව හැමෝම එනකල් ආසාවෙන් මග බලාගෙන හිටපු ඒ අති දැවැන්ත දමිල සිත්තමට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ. KAITHI ලෙසින් නම් කර තිබෙන මේ චිත්‍රපටයට 8.9ක imdb අගයක් වගේම 92%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලැබිල තියෙනවා. Mystery/thriller යටතට අයත් මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 25ක් පුරාවටම එකම හුස්මට කුතුහලයක් සමගින්ම බලල දාන්න පුළුවන් කියලනම් කියන්න පුළුවන් බය නැතුව

චිත්‍රපටයේ ප්‍රදාන චරිතය දමිල සිනමාවේ දැවැන්‍තයෙක් වන Surya shiwakumar ගේ සහෝදරයෙක් වන ඔහු හා සමානවම හැකියාවක් ඇති Karthi shiwakumar විසින් ඉදිරිපත් කරනවා. කාර්තිගේ මෙතෙක් ආව සුපිරිම චිත්‍රපටය මේක කියන්නත් පුළුවන්.බොහෝ වාර්තා බිඳදමන්නටත් මේ සිත්තමට හැකිවෙලා තියෙනවා. කතාව නම් මං කියන්නෙ නැහැ..මොකද මම දන්නවා හැමෝම මේ චිත්‍රපටය එනකල් ඇඟිලි ගනිමින් හිටියෙ කියලා.ඒ වගේම කතාව මං කිව්වොත් ඒකෙ තියෙන කුතුහලය පොඩ්ඩක් හරි නැතිවෙන්න පුළුවන්.ඒ නිසා කතාව ඔයාලම බලන්නකෝ කොච්චර සුපිරීද කියල.කිසිම විහිළුවක්වත් සිංදුවක්වත් මේ චිත්‍රපටයට ඇතුලත්වෙලා නැහැ.මුල් විනාඩියේ ඉදල අන්තිම විනාඩිය වෙනකම් ත්‍රාසජනක සටන් සමගින් කුතුහලයක් මුසුවෙලා තියෙනවා. අන්තිම විනාඩි කිහිපයේ නරඹන්නන්ගේ නෙතඟට කඳුළකුත් නැගෙයි නිසැකවම. අවසානෙට කියන්නම් මෙතෙක් දමිල සිනමාවෙ ආව තවත් සුපිරිම ආකාරයේ චිත්‍රපටයක් කියල තක්කෙටම කියන්න පුළුවන් කියලා. උපසිරසිය නිර්මාණයට උපකාර කල අපේ ලහිරු සහෝවත් මතක් කරන ගමන් හැමෝටම මේ උත්කර්ෂවත් චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරමින් මම නවතින්නම්
බුදුසරණයි!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram