today-is-a-good-day
More

    Kannai Nambathey (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Kannai Nambathey (2023) Sinhala Subtitle

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දට ඔයාලට අලුතෙන්ම නිකුත් උන දමිල චිත්රපටියක් තමයි අරගෙන ආවේ…Udhayanidhi Stalin,Aathmika ,Prasanna,Srikanth,Bhumika වැනි ජනප්රිය රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙන මේ චිත්රපටිය තමයි Kannai Nambathey…

    ඉතින් කතාව ගැන කිව්වොත්.. අරුන් කියන්නේ හැමෝටම උදව් කරගෙන ජීවත්වෙන හිත හොද කෙනෙක්,ඉතින් දවසක් මෙයා යාලුවෝ එක්ක ඩ්රින්ක් එකක් දාන්න බාර් එකකට ගිය වෙලාවේ,අනතුරක් සිද්ධවෙනවා දකිනවා..ඉතින් ගිහින් බලපුවාම ඒ අනතුර සිද්ධවුන කාර් එක ඇතුලේ ඉන්නේ කාන්තාවක්,එයා මොකක් හරි ප්රශ්නෙක ඉන්නවා කියල තේරුන අරුන්,එයාගෙන් විස්තර අහනවා..ඉතින් ටික වෙලාවකට පස්සෙ ඒ කාන්තාව අරුන්ගෙන් උදව්වක් ඉල්ලනවා..ඒ තමයි එයාව ගෙදරට ඇරලවන්න පුලුවන්ද කියල…ඉතින් කොහොම හරි අරුන් ඒ කාන්තාව ගෙදරට ඇරලවනවා..එදා හොදටම වැහි දවසක් නිසා,කාන්තාව කියනවා,එයගේ වාහනෙ අරගෙන ගිහින් උදේට ගෙනත් දෙන්න කියල..ඉතින් නන්නාදුනන කෙනෙක් මෙහෙම තමන්ගේ වාහනේ අරගෙන යන්න දෙන එක ගැන පුදුම වෙන අරුන්,ඒ ගැන ප්රශ්න කරත්,ඒ කාන්තාව කියන්නේ කමක් නෑ අරගෙන යන්න කියල,ඉතින් අරුන් කාර් එකත් අරගෙන යනව… ඉතින් පහුවදා උදේ කාර් එක ආපහු දෙන්න යන්න හදද්දි දකින දෙයින් අරුන් විමතියට පත්වෙනව.කාර් එකේ ඩිකියේ ,ඊයේ රෑ එයා උදව් කරල ගෙදරට ඇරලවපු කාන්තාවගේ මිනිය තියෙනවා..ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න,අරගෙන බලන්නකෝ එහෙනම් Kannai Nambathey…(දෑස් විශ්වාස කරන්න එපා)

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Kannai Nambathey (2023) සිංහල උපසිරැසි” Kannai.Nambathey.(2023).Sinhala.Subtitle.rar – Downloaded 5633 times – 1,016 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……..

      සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram