spot_img
spot_img
More

    Kavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කේ. වී. ආනන්ද් – සුබා සුසංයෝගයෙන් බිහිවූ හයවන චිත්‍රපටය වන මෙය ඔවුන් මීට පෙර නිර්මාණය කළ Ko මෙන්ම මාධ්‍ය හා දේශපාලනය පසුබිම් කරගත් කතාවක්. මාධ්‍යවේදියකු ලෙසින් ජීවිතය ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් ප්‍රමුඛතම රූපවාහිනි නාලිකාවකට එක්වෙන තරුණයෙක් , එහිදී ඔහුට හමුවෙන තමන් හා එකම විද්‍යාලයක මාධ්‍යකරණය හා සිනමාව ඉගෙනගත් යෙහෙලිය, විවිධ ජනතාව තමන්ගේ දැනීමේ තරමට විහිළුකාරයෙක්, මැරයෙක් හා බේබද්දෙක් වශයෙන් හඳුනාගත් දේශපාලනඥයෙක්, දේශපාලන හා වෙළඳ අරමුණු වෙනුවෙන් තොරතුරු හා සිදුවීම් විකෘතිකර ඉදිරිපත් කරමින් ජනමතය හසුරුවන රූපවාහිනී මධ්‍ය ආයතනයක් පසුබිම් කරගත් මෙය ඔවුන්ගේ Ayan, Ko, Maatran වැනි සිනමාපට හා සුබාගේ තිර රචනයක් වන Thani Oruvan මෙන්ම ප්‍රේක්ෂකයන් මනාව අලවා තබාගන්නා ෆැන්ටසියක් සමග යටින් දිවෙන ප්‍රබල සමාජ දේශපාලන ප්‍රකාශනයක් සහිත චිත්‍රපටයක්. විද්‍යුත් මාධ්‍යවලින් නිපදවෙන සංගීතමය reality තරග හා දේශපාලන සංවාදවල පසුබිමේ ඇති ව්‍යාජත්වය, බොරුව විවරණය කෙරෙන චිත්‍රපටයක්.

    මෙතෙක් රඟපෑ චරිත වලින් වෙනස්ව 28 හැවිරිදි නාගරික තරුණයකු ලෙස රඟපාන විජය් සේදුපති තමන්ට ඕනෑම චරිතයක් නිරූපණය කළ හැකිබව තවදුරටත් පෙන්නුම් කරනවා. හාස්‍ය මුසු චරිතයක් රඟපාන ටී. රාජේන්දර්ගේ රංගනයත් විශේෂයි. කේ. වී. ආනන්ද්ගේ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ හැරිස් ජෙයරාජ් වෙනුවට මෙවර තෝරාගෙන ඇති Hiphop තමිලාද තම වගකීම මැනවින් ඉටුකරනවා. කේ. වී. ආනන්ද් හා සුබාගේ ප්‍රබල තිර රචනය මෙහිදීත් සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී තියනවා. (පහුගිය කාලයේ දෙමළ චිත්‍රපට නොබලන බොහෝ දෙනෙකුත් රැල්ලට නැරඹූ ධනුෂ්ගේ Kodi වල තිබුණේ තනිකරම මොවුන්ගේ චිත්‍රපටවලින් අහුලාගත් කෑලි ) අතිරේක දෙබස් රචකයකු වශයෙන් සහභාගි වී සිටින කපිලන් වෛරමුත්තු චිත්‍රපටයේ දෙබස් වලට කාව්‍යමය බවක් එක්කර තියනවා.

    Thriller ලක්ෂණ සහිතව සමාජ දේශපාලනික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන Kavan කේ. වී. ආනන්ද්ගේ සිනමා ගමනේ ලොකු ඉදිරි පියවරක් නොවුණත් මේ වසරේ එලිදැක්වුණ දෙමළ චිත්‍රපට අතර නරඹන්නට වටිනාකමක් ඇති චිත්‍රපටයක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kavan (2017) සිංහල උපසිරැසි” Kavan%20(2017)%20Tamil%20HDRip%20x264%20MP3%20700MB.rar – Downloaded 358 times – 57 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram