More

    King Kong (2005) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කින්ග් කොං අලුත්ම චිත්‍ර‍පටිය නිකුත් වුන නිසා…එකේ හොද පිටපතක් එන්න කලින් කින්ග් කොං 2005 දි නිකුත් උන චිත්‍ර‍පටිය අරන් තමයි ආවේ. ගෝඩ්සිලා එද්දිත් මං එකේ පරණ එක දුන්නා මතක ඇති නේ. ඉතින් අලුත් එක නරඔන්න කලින් පරණ චිත්‍ර‍පටිය දිලා හිටියොත් අලුත් පරණ දෙකේ වෙනස තේරුම් ගන්නත් පුලුවන් වේවි කියලා හිතුන නිසා සබ් කරලාම අරන් ආවා. කොහොමත් මේ චිත්‍ර‍පටියත් පැය තුනක් පුරාවට ඇහිපිය නොහෙලා බලන් ඉන්න පුලුවන් තරම් කුතුහලයෙන් සපිරි චිත්‍ර‍පටියක්. ඒ කාලේම ඩිවිඩි එකකින් බැලුවාට පස්සේ මමත් මේ දෙවැනි පාරට තමයි මේ චිත්‍ර‍පටිය නැවත බැලුවේ. ඔයාලටත් කැමැති නම් මතකය අලුත් කරගන්න ආපහු මේ චිත්‍ර‍පටිය නරඔන්න පුලුවන්…

    කතාව ගැන කිව්වොත් චිත්‍ර‍පටි නිශ්පාදකයෙක් තමන්ගේ අලුත් චිත්‍ර‍පටිය කරන්න එක්තරා දුපතක් හොයාගෙන යනවා. මේක හදුන්වන්නේ Skull Island කියලා. මේ දුපත අඩුම ගානේ සිතියමකවත් නැහැ. මේක කටකතා වලින් විතරක් හදුන්වන දුපතක්. කවුරුත් ඇත්තටම මෙහෙම එකක් තිබ්බාද නැත්ද කියලාවත් දන්නේ නැහැ. කොහොම හරි මොවුන් යන නැව එක පාරටම ලොකු මිදුම් කුනාටුවකට කොටු වෙලා දුපතක් ගාව තියන ගල්පරයක හිරවෙනවා. මේක තමයි ඔවුන් සොයාගෙන ගිය දුපත. චිත්‍ර‍පටි නිශ්පාදකයා තමන්ගේ කට්ටියත් අරන් මේ දුපතට යනවා. කොහොම හරි මේ දුපතේ ඉන්නේ ආදිවාසි මිනිසුන් ටිකක් විසින් මොවුන්ට පහර දෙනවා. මොවුනුත් ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කරනවා. හෙලි කඩු අරන් ඉන්න මේ ආදිවාසි මිනිස්සුන්ට තුවක්කු වලින් කරන ප්‍ර‍තිප්‍ර‍හාර හමුවේ ඔවුන් පසු බහිනවා. නමුත් මේ ආදිවාසි මිනිසුන් මේ ගමන ගිය ඇන් නැමැති තරුණ කාන්තාව පැහැරගන්නවා. නැවේ පිරිස එක දැනගන්නේ ආපහු නැවෙන් ආපහු පිටත් වෙන්න හදද්දි. ඔවුන් නැවතත් එම ගොඩබිමට ආයුධ වලින් ඉතාමත් සන්නද්ධ වෙලා යනවා. මේ වෙද්දි ඇන් අතුරුදහන් වෙලා. ඔවුන් දුපත පිරලා ඇන්ව හොයනවා. මෙහිදි ඔවුන්ට මුණ දෙන්න වෙන්නේ ජිවිතේටවත් හිතපු නැති අත්දැකිම් ටිකකට තමයි.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram