spot_img
spot_img
More

    Kolaiyuthir Kaalam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kolaiyuthir Kaalam (2019) මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂනය Chakri Toleti අතින් සිදුවී තිබෙන මෙහි තිර රචනය Adam Hiebeler සහා Carl Lauricella අතින් සිදුවෙනවා. මෙහි එන කතාව Chakri Toleti අතින් නිර්මාණය වීමද විශේෂයි. මෙහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරූපී ඉන්දිය නිළියන් වන Nayanthara සහා Bhoomika Chawla රංගනයෙන් දායක වෙනවා.

    කතාව ගැන කෙටියෙන් කියනවා නම් , ලෝසන් වතුයාය සසෙක්ස් ප්‍රාන්තයේ තියෙන විශාල , සුන්දර , පැරණි එමෙන්ම වටිනාකමින් ඉතා ඉහල වතුයායක්. මේ වතුයාය හා බංගලාව හිමිව තිබූ අමා ලෝසන් මහත්මිය මිය යන්නේ මේ සියළු දේපල ඉන්දියාවේ සිටි ඇය විසින් හදා වඩා ගන්නා ලද ගොළු , බිහිරි යුවතියක් වූ ශෘති හට ලියා තබමින්. ඉතින් ඇය එංගලන්තයට එන්නේ තමන්ගේ මව වැනි වූ අමා ලෝසන් මහත්මියගේ අවසාන කැමත්ත නිසාවෙන්. ශෘතිව අමා ලෝසන් මහත්මියට මුණ ගැසුණු හැටි , ඇයව ලෝසන් මහත්මිය ආදරයෙන් හදා වඩා ගත් හැටි , ඈ සමග සියල්ල හුවමාරු කරගත් ආකාරය මේ සිනමා නිර්මාණය තුල නිර්මාණකරුවා හරි අපූරුවට මුහු කර තිබෙනවා. ශෘති ලන්ඩන් නුවරට පැමිණි ලෝසන් වතු යායට පැමිනි පසු ඇය ලෝසන් වතු යායේ බංගලාවට පැමිණි පසු අත්භූත දේවල් රාශියක් ඇති වෙන්නට ගන්නවා. ඇය පිළිගන්නට මල් නෙලන්නට ගිය ඕලා නම් සේවිකාව එහි මුල් බිල්ල බවට පත් වනවා. එසේ පටන් ගත් බිල්ලේ ආරම්භය බංගලාව තුල සියළු සේවකයන් බිලි ගන්නට පටන් ගන්නවා. අවසන උපතින්ම කතා කිරීමටත් , ඇසීමටත් නොහැකි ශෘති පමණක් එහි තනි වානවා. ඇය ඇගේ උපතින් ගෙනා දුර්වලතා පසක තබා තනිව මේ අත්භූත ඝාතකයා සමග සටන් වදිනවා. අවසානය කෙසේ වේවිද? ඒක දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kolaiyuthir.Kaalam.(2019).Sinhala.Subtitle.rar – Downloaded 209 times – 11 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram