More

    Kong Skull Island (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කිං-කොං කිව්වම නොදන්න කෙනෙක් නැහැ නොවෑ…ඒ අපි 2005 නරබපු King Kong චිත්‍ර පටිය නිසා (සබ් නැතුව ඒ කාලේ බැලුව ඒකටත් දරේ සබ දුන්නා නොවෑ) මම නම් ඒක බැලුවේ CD2 එකකින්…හැබැයි මේහි ධාවන කාලය මිනිත්තු 118 පුරා දිවෙන අතර මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 7.1 අගයක් ලැබිලා තියෙනවා…තවද මෙය ඇක්ෂන්, ඇඩ්වෙන්ච, ෆැන්ටැසි, සයි-ෆයි වර්ගී කරණයන්ටඅයත් වෙනවා.. Kingkong 2005 එකට හැබැයි IMBD 7.2 ලැබිලා තිබුණා…මේකේ වෙන්නේ පර්යේෂකයින් කණ්ඩායමක් ෆැසිපික් කළාපයේ සිතියම් නොකළ අද්භූත දිවයිනක් හොයා ගන්නවා..මේක හිස් කබලක ස්වරුපයක් ගන්න නිසා මෙයාල මේකට කියන්නේ හිස්කබල් දූව [Skull Island] කියලා..කොහොම වුණත් කිසිම කෙනෙක් මේකේ මොනවද තියෙන්නේ..මොනවද වෙන්නේ කියල කිසිම දෙයක් ගැන දන්නේ නැහැ…හරියට නිකං ඇමරිකානුවන් ලෝකයාගෙන් හැංඟුව ඒරියා-51 රහස වගේ…ඊට පස්සේ මෙයාල මේ දූපත ගවේෂණයට යන්න රජයේ අවසරයත් අරගෙන…ඒ විතරක් නෙමේ හෙලිකොප්ටර් යානා මෙන්ම භට පිරිසක්ද ඇතුළුව මේ දූපතට ඇතුළු වෙනවා.. ඊට පස්සේ මෙයාලගේ මුල්ම කාර්ය වෙන්නේ මේ භුමියේ සිතියමක් නිර්මාණය කරගන්න එක…ඒකට මෙයාලා විද්‍යාත්මක උපකරණ කියන බෝම්බ වගයක් දාලා භූ චලනය කරලා සිතියමක් නිර්මාණය කරන්න තමයි යන්නේ…බෝම්බ දෙක තුනක් දාලා වැඩේ කරගෙන යනකොට කොං වැඩේ වන කරලා හෙලිකොප්ටර් සේරම විනාශ කරලා දානවා…ඊට පස්සේ ඉතුරු වෙන්නේ මෙයාලගෙන් අතලොස්සක් පිරිස විතරයි…මේ සිද්ධියෙන් පස්සේ සේනාව භාර කර්නල් කොං එක්ක නයි වෛයිරයි.. මෙයාලව කඩා වැටෙන්නෙත් එක එක තැන වලට…මේ කැලේ අමුතු අමුතු භයානක සත්තු පවා ඉන්නවා…මෙයාලට මේ කැලයේදී දෙවෙනි ලෝක යුද්ධයට යුධ වැදුන සෙබලෙක් හම්බු වෙනවා…මේ දූපතේ ඒයාලා නොදන්නා ගොඩක් දේවල් ගැන මෙයා ඒයාලට කියල දෙනවා..ඒයා කියනවා මේ දූපත බේරිලා තියෙන්නේ කොං හිංදා කියලා..තව කොංට භයානක තරහ කාරයෙක් ඉන්නවා කියලත්…මෙයාල දැම්ම බෝම්බ වලින් උන්ගෙන් කිහිප දෙනෙක් ඇහැරුණා කියලත්…තව මේ දූපතට ආපු පළවෙනි කට්ටිය මෙයාල විතරක් නෙමේ කියලත්…තව සිද්ධි කියන්න යන්නේ නැහැ දැන් චිත්‍රපටයෙන් භාගයක්ම කිව්වා..එහෙනම් බලන්න පුංචි විස්තරයක් කියන්නම්කෝ අන්තිම ටිකේ උපසිරැසි නෑ ඒ හිංදා අසාලිවීමක් කරන්න වුණා..වැරදි ඇතොත් සමාවෙන්න මම ගිහිං එන්නම් පහළ දැනුමට යමක් තියෙන පුංචි විස්තරයත් කිවයවලම යන්න…

    ගියවර Kong (2005) චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ “පීටර් ජැක්සන්” [Peter Jackson] කියන මහත්මයා.. මෙවර Kong (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝඩන් රොබට්ස් [Jordan Roberts] කියන මහත්මයා.. මේවා බැලුවහම දෙදෙනාගේම උත්සාහය සාර්ථකයි කියල කියන්න පුළුවන් තව හැමෝම දන්න කියන කාරණයක් තමයි ජපානයේ ගොඩ්සිලා හොලිවුඩයට පය තිව්වා කියන විත්තිය…ඒ මීට අවුරුදු ගානකට කළින්..මේ චිත්‍රපට තිරගත වී පළමු සතියෙම ඇමරිකානු ඩොලර් $61,015,000 උපයාගන්න හැකි වෙලා තියෙනවා..නිෂ්පාදන වියදම ඩොලර් $185,000,000ක්… 2005 කොන් චිත්‍රපට පළමු සතිය තුල $6,944,740 තමයි උපයාගන්න ගන්න පුළුවන් වෙලා තියෙන්නේ…හැබැයි එකේ නිෂ්පාදන වියදම 2017 චිත්‍රපටයට සාපේක්ෂව වැඩි කියල කියන්න පුළුවන් වෙන්නේ ඇමරිකානු ඩෙලර් $207,000,000 ක් වියදම් කරලා තියෙන නිසයි…හැබැයි ඔවුන් පාඩු ලබලා නැහැ…තව දෙයක් තමයි අපිට මේකේ ඊළග කොටස් බලාගන්න Godzilla: King of the Monsters 2019 මාර්තු 22 වෙනකං බලං ඉන්න වෙන එක…හැබැයි එකේ කතා නායකයා වෙන්නේ ගොඩ්සිලා..කොං වැඩිය නෑ…ඒකෙන් පස්සේ 2020 නැවතත් Godzila සහ කොං කියලා චිත්‍රපටයක් තිරගත වෙනවා…ඒ 2020 මැයි 29 වෙනිදට…මේකේ නිෂ්පාදනයට වෙන් කරලා තියෙන මුදල තමයි ඇමරිකානු ඩොලර් $200,000,000ක් කියලයි ආරංචි වෙන්නේ….ඊට වැඩිය වැඩි වෙන්නත් පුළුවන් කියල තමයි කියන්නේ..ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි මේ චිත්‍රපටයේදි ගොඩ්සිලා සහ කොං විලන්ලා වේවි කියන විත්තිය…දැන් යන රටාව අනුව එහෙම වෙන්නත් පුළුවන්නේ..ඒක දැනගන්න 2020 වෙනකං අපිට ඉන්න වෙනවා…එහෙනම් මම ගියා ජිවත් වෙලා හිටියොත් 2019 වගේම 2020 එකත් අරගෙන එනවා සත්තයි..හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Kong Skull Island (2017) සිංහල උපසිරැසි” Kong.Skull.Island.(2017).Sinhala.Subtitle.rar – Downloaded 997 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram